cancer child

අපගේ ශරීරය සෑදී තිබෙන මුලික ඒකකය වන්නේ සෛලයයි. එම සෛල කාලයක් ගතවූ පසු හෝ නැත්නම් හානි වූ විට මිය යයි. එවිට අලුත් සෛලයකින් එම අඩුව පුරවයි. මෙම ක්‍රියාවලිය පිළිවෙලකට ජාන වලින් මෙහෙයවන අතර, එහි ක්‍රියාකාරීත්වයට බාදා ඇතිවූ විට සෛල පාලනයකින් තොරව බෙදීමට පටන් ගනියි. මෙසේ අපිළිවෙලට බෙදුණු ඇසට නොපෙනෙන සෛල එකතුවී ඇසට පෙනෙන ගෙඩියක් (tumor) දක්වා එය වර්දනය විය හැකියි. මෙම ගෙඩි පිළිකා (malignant) හෝ පිළිකා නොවන ගෙඩි (benign) ලෙස වර්ග කරයි. පිළිකා ලෙස හදුන්වන්නේ එම ගෙඩි ශරීරයේ අනිත් අවයව වලටත් සීග්‍රයෙන් පැතිරීමේ සහ ඉතා ඉක්මණින් වර්ධනය වීමේ හැකියාවක් ඇති ගෙඩි වලටයි. පිළිකා නොවන ගෙඩි ඉතා සෙමින් වැඩුනත් වෙනත් අවයව වලට පැතිරෙන්නේ නැහැ.

ප්‍රධාන පිළිකා වර්ග
1. Carcinomas (කාසිනෝමා) – බහුලව දක්නට ලැබෙන වර්ගය මෙය වෙයි. මෙයට උදාහරණ වන්නේ පුරස්ථි, පියයුරු, පෙනහළු සහ මහා බඩවැලේ පිළිකා වෙයි.
2. Sarcomas (සාකෝමා) – මේදය, මාංශ පේශි, ස්නායු, කණ්ඩරාවන් (tendon), සන්ධි, රුධිර නාල, වසා ගැටිති, කාටිලේජ හෝ අස්ථි වල වර්ධනය වන පිළිකා මෙලෙස හදුන්වයි.
3. Leukemias (ලියුකේමියා) – රුධිරයේ ඇතිවන පිළිකාමය තත්වය මෙලෙස හදුන්වයි. එහි ප්‍රධාන වර්ග 4ක් ඇත. එනම් acute lymphocytic leukemia, chronic lymphocytic leukemia, acute myeloid leukemia, සහ chronic myeloid leukemia වෙයි.
4. Lymphomas (ලිම්ෆෝමා) – ශරීරයේ වසා පද්ධතියේ ඇතිවන පිළිකා මෙලෙස හදුන්වයි. මෙහි ප්‍රධාන වර්ග 2ක් ඇති අතර එය Hodgkin lymphoma සහ non-Hodgkin lymphoma ලෙස හදුන්වයි.

පිළිකා පැතිරෙන්නේ කොහොමද?
යම් ස්ථානයක පිළිකාව වර්ධනය වීමත් සමග එය රුධිරය හෝ වසා තරලය හරහා ශරීරයේ වෙනත් ස්ථාන වලට පැතිරෙයි. මෙහිදී වසා ගැටිති ඉදිමීම මුලින්ම දක්නට ලැබෙයි. එසේම රුධිරය හරහා අස්ථි, අක්මාව, පෙනහළු හෝ මොළයට ඇතුළත් විය හැකියි. මෙසේ පැතිරීම metastasis (මෙටාස්ටේසිස්) ලෙස හදුන්වයි. උදාහරණයකට පියයුරු පිළිකා පෙණහලුවලට පැතිරුණත්, එය පෙනහළු පිළිකා නොව මෙටාස්ටැටික් පියයුරු පිළිකා (metastatic breast cancer) ලෙස හැඳින්වේ

.

හදුනාගන්නේ කොහොමද?
යම් රෝග ලක්ෂණයක් හෝ ගැටිත්තක් පරික්ෂාවට වෛද්‍යවරයකු හමුවීමේදී එම වෛද්‍යවරයා සිදු කරනු ලබන පරීක්ෂණ වලින් හදුනා ගන්න පුළුවන්. නමුත් බොහෝ පිළිකා අවසානය දක්වාම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ.
එසේම වාර්ෂිකව හෝ අවුරුදු කිහිපයකට වතාවක් කරන medical checkups වලින්ද පිළිකාවක් ඇති බව සොයා ගැනෙයි. උදා. කොලොනොස්කොපි, මැමෝග්‍රැෆි සහ පැප් පරීක්ෂණ මගින්.
බොහෝවිට පිළිකාවක් හරියටම හදුනා ගන්නේ බයොප්සි (biopsy) පරීක්ෂණයකින් වන අතර එහිදී එම ස්ථානයෙන් පටක කොටසක් අන්වීක්ෂයෙන් පරික්ෂා කරනු ලබයි.

පිළිකා සදහා අවධානම වැඩි කරන දෑ

  • මහලු වයස
  • පවුලේ කෙනෙක්ට පිළිකාවක් වැළදීම
  • දුම්කොළ භාවිතය.
  • දුම්පානය
  • තරබාරුකම.
  • මත්පැන්.
  • සමහර වෛරස් ආසාදන (හියුමන් පැපිලෝමා වෛරසය)
  • විශේෂිත රසායනික ද්‍රව්‍ය
  • විකිරණවලට නිරාවරණය වීම

බයවෙන්න එපා! සැලකිලිමත් වෙන්න!
ඔබගේ පවුලේ කෙනෙක් පිළිකාවක් නිසා මරණයට පත්වුවහොත් ඔබත් එම පිළිකාවට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වසරකට, දෙකකට හෝ කිහිපයකට වරක් ඒ සදහා සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හරහා පරික්ෂා කරගන්න.

පිළිකා ගැන දැනගන්න දෙයක් තියෙනවද?

අපෙන් අහන්න. මෙතන click කරන්න

tags : pilika kiyanne mokadda? cancers kanser

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk