ඔබත් යටිබඩේ කැක්කුමකින් පෙළෙන කෙනෙක්ද? ඒ සදහා ඇති හේතු මොනවාද කියා ඔබම කියවා දැනගන්න. ඒ සදහා අපේ slideshow එක බලන්න.

යටිබඩේ කැක්කුම
යටිබඩේ කැක්කුමෙන් ඔබත් පිඩාවට පත්වූ කෙනෙක්ද? එසේනම් ඉදිරි රූපරාමු ඔබට උපකාරී වෙයි. යටිබඩේ කැක්කුමට හේතුවන දේවල් කිහිපයක් අපි සලකා බලමු.

Appendicitis (ඇපෙන්ඩිසයිටිස්‌)
මෙලෙස හදුන්වන්නේ අපේ මහා බඩවැලට සම්බන්දවි ඇති කුඩා නාලයහි ඇතිවන්නාවූ ප්‍රදාහයකි. මෙහි රෝගී ලක්ෂණ වන්නේ යටිබඩේ මැද හෝ දකුණු පැත්තෙහි ඇතිවන අදික කැක්කුම, වමනය සහ උණයි. මේ සදහා ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් සමහරවිට එය පුපුරා ඉතා භයානක ප්‍රථිපල ඇතිකළ හැකියි.

Irritable Bowel Syndrome (IBS)
මෙය අපගේ ආහාර මාර්ග පද්දතියේ ඇතිවන්නාවූ තත්වයක් වන අතර, නිතර නිතර ඇතිවන බඩේ කැක්කුම, බඩ පිපුම, මලබද්දය හා සමහර විට බද බුරුල්වී යාම රෝග ලක්ෂණ වෙයි. මෙයට හේතුව තවමත් සොයාගෙන නැත. ප්‍රතිකාර ලෙස ආහාරපුරුදු වල වෙනස්කිරීම්, stress management ඇතුලත් වෙයි.

Painful Ovulation (වේදනා සහිත ඩිම්භහරනය)
සැම මාසකම ඔසප් චක්‍රයේ මැද (halfway between your periods) යටිබඩේ කැක්කුම, මේ නිසා විය හැකියි. මෙයට හේතුව ඩිම්බයක් පිටවීමේදී ඒ සමග රුධිරය සුලු ප්‍රමාණයක් පිටවී, එය උදර කුහරයේ බිත්ති මත දැවිල්ලක් ඇති කිරීමයි. මෙය පැය කිහිපයකින් නැතිවී යයි.

Premenstrual Syndrome (ඔසප් වීමට ආසන්නයේ ඇති වන යටි බඩේ කැක්කුම)
ඔසප් වීමට ආසන්නයේදී ශරීරයේ සිදුවන්නාවූ හෝමෝන වෙනස්කම් නිසා යටිබඩේ කැක්කුම, හිසරදය, කොන්දේ කැක්කුම වැනි දෑ දැකිය හැකියි. මානසික පීඩනය, ව්‍යායාම අඩුකම මෙම කැක්කුම තවත් වැඩි කරයි.


Menstrual Cramps (ඔසප් විමදී ඇතිවන යටි බඩේ කැක්කුම)
ඔසප් විමදී ගර්භාශයේ ඇතුල් බිත්තියේ ස්ථරයක් ගැලවී යාමේදී ගර්භාෂය තදින් සංකෝචනය වෙයි, මේ නිසා යටිබඩේ කැක්කුම ඇති වෙයි.


Ectopic Pregnancy (ගර්භාෂයෙන් පිටත ගැබ් දැරීම)
මෙය ඉතා භයානක අවස්ථාවකි. මෙහිදී දරු ගැබ, ගර්භාශයේ තැන්පත් වෙනවා වෙනුවට ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙයි. බොහෝවිට fallopian නාල වල තැන්පත් වෙයි. මෙහිදී යටි බඩේ එක් පැත්තක හෝ මුළු යටිබඩහිම කැක්කුම ඇති වෙයි.

Pelvic Inflammatory Disease
මෙය බොහෝ විට ලිංගිකව බෝවන රෝග වල සංකුලතාවයකි. මේ නිසා ගර්භාෂයට, fallopian නාල වලට හානි සිදු වෙයි. මෙහිදී යටි බඩේ කැක්කුම, උණ , යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම දක්නට ලැබේ. ප්‍රතිජීවක ඖෂද මගින් ප්‍රතිකාර කරයි.


Ovarian Cysts (ඩිම්බ කෝෂයේ දිය බුබුළු)
ඩිම්භකෝෂයහි පිටත බිත්තියේ ඇතිවන්නාවූ බිබිලි නිසා යටි බඩේ කැක්කුම ඇතිවිය හැක. මේවා භයානක නොවන අතර කාලයත් සමග නැතිවී ය හැකියි. Ultrasound scan පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත හැකියි.

Uterine Fibroids (ෆයිබ්රෝයිඩ්ස්)
මෙලෙස හදුන්වන්නේ ගර්භාශයේ බිත්තියහි සමහර ස්ථාන වල අදික වර්දනය නිසා ඇති වන්නාවූ ගෙඩි වෙයි. මේවා පිළිකාමය නොවෙයි. නමුත් මේ නිසා කෙන්දෙ, හෝ යටි බඩේ කැක්කුම, ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය සිදු විය හැක.


Endometriosis (එන්ඩෝමෙට්‍රියෝසිස්)
ගර්භාෂය බිත්ති 3 කින් සමන්විත අතර එහි ඇතුළු බිත්තිය endometrium ලෙස හදුන්වයි, මෙම පටකය සමහර කාන්තාවන්ගේ ගර්භාෂයෙන් පිටත එනම් fallopian නාල, ඩිම්භකෝෂයහි දක්නට ලැබේ. එවිට ඔසප් විමදී මෙම පටක වලින්ද රුධිරය වහනය විය හැක. මේ නිසා කොන්දේ, යටි බඩේ කැක්කුම ඇති වෙයි.


Urinary Tract Infection (මුත්‍රා ආසාදන)
මුත්‍ර පද්දතියට විෂබීජයක් ඇතුළු වීමෙන් මුත්‍රා ආසාදන ඇතිවන අතර එහිදී යටිබඩේ, හෝ කොන්දේ කැක්කුම, උණ, වමනය, මුත්‍රා නිතර නිතර සුළු ප්‍රමාණයක් දැවිල්ලකින් පිටවීම දැකිය හැකියි. 

Kidney Stones (මුත්‍රා ගල්)
මුත්‍රා මාර්ග පද්දතියේ ඇති වන්නාවූ ගල් නිසාත් යටිබඩේ, හා කොන්දේ කැක්කුමක් ඇතිවිය හැකි අතර මෙහිදී මුත්‍රා සමග ලේ පිටවිය හැක. මේ ගැන වැඩිපුර ගැනගන්න මෙතන click කරන්න.


 

Interstitial Cystitis (IC)
මුත්‍රාශයේ ප්‍රදාහයක්, දිගු කාලයක් පුරාවට තිබීම නිසා ඇතිවන තත්වයකි. මෙය බොහෝවිට වයස අවු. 30-40 ට වැඩි කාන්තාවන්ගේ දැකිය හැක. මෙහිදී මුත්‍රා කරන වාර ගණන වැඩි වෙයි. මුත්‍රා පිටවන විට දැවිල්ලක් ඇතිවෙයි.

Sexually Transmitted Diseases (ලිංගිකව බෝවන රෝග)
යටි බඩේ කැක්කුම, සමහර ලිංගිකව බෝවන රෝග සදහා මුල් රෝග ලක්ෂණය විය හැක. උදා: chlamydia සහ gonorrhea ආසාදන. 


Pelvic Organ Prolapse
ගර්භාෂය හෝ මුත්‍රාශය වැනි ශ්‍රෝණි කුහරයේ ඇති අවයව සළු වශයෙන් පහලට නෙරා පැමිණීම මෙලෙස හදුන්වයි.


Pelvic Congestion Syndrome
වෙරිකෝස් අමාරුව හැදෙන්නේ කකුලේ බව තමයි අපි අසා ඇත්තේ, නමුත් එය උකුල ප්‍රදේශයෙත් ඇතිවිය හැක. එවිට එය Pelvic Congestion Syndrome ලෙස හදුන්වයි.


Pain During Sex
Dyspareunia ලෙස හදුන්වන්නේ ලිංගික සංසර්ගයේදී හෝ ඉන්පසු යටි බඩේ ඇතිවන කැක්කුමටයි. එයට යෝනි මාර්ගයේ වියලි බව, සමහර ඖෂධ, සමේ රෝග සහ මානසික තත්වයද බලපෑ හැකියි. ඔබට එසේ ඇත්නම් ඔබගේ වෛද්‍යවරයාව හමුවන්න.

කාලයක් පුරාවට තිබෙන යටි බඩේ කැක්කුම
ඔබත් යටිබඩේ කැක්කුමෙන් කාලයක් පුරාවට පිඩා විදින කෙනෙක් නම්, පළමුව වෛද්‍යවරයෙකු හමුවී රෝග විනිශ්ය කුමක්දැයි සොයා බැලිය යුතුයි. මේ සදහා බලපාන බොහෝ හේතු මෙහි සාකච්චා කර ඇත.


End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.com

yati bade kakkuma hethu

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk