අසාත්මිකතාවයක් කියල කියන්නේ අපගේ ශරීරයට කෑම වලින් හරි නැත්නම් ඖෂධ හරහා කෙලින්ම රුධිරයට හරි ඇතුළු වන ප්‍රෝටීනකට හෝ ද්‍රව්‍යකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් දක්වන අධික ප්‍රතික්‍රියාවක්. සරලවම කියනවා නම් ඒක මේ වගේ, ගෙට ඇතුළු වෙච්ච පොඩි කටුස්සෙක් දැක්කම, එයාව ලොකු පොලගෙක් කියල හිතල පහර දෙනවා වගේ වැඩක්.

පොඩි දරුවන්ට ඇතිවෙන අසාත්මිකතා දරුවන් ලොකු වීමත් සමග සමහර විට නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් කවදාකවත් අසාත්මිකතා ඇති වෙලා තිබුනේ නැතත් එයාට එක විගස යමකට අසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්.

මෙහෙම වෙන්න හේතුව මොකද්ද?

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ විදිහට වැඩ කරන්නේ  ඇයි කියල හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් දිනෙන් දින අසාත්මිකතා ඇති පුද්ගලයන්ගේ වැඩිවීමක් දක්නට තියෙනවා. එහෙම වෙන්න හේතුවක් විදියට පැහැදිලි කරන්නේ අපි ජිවත් වෙන පිරිසිදු පරිසරයේ ක්ෂුද්‍ර ජීවින් අඩු කිරීමට අපිත් විවිද දේවල් කිරීමත් සමග ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපිට හානි කරන ක්ෂුද්‍ර ජීවින් සමග කටයුතු කිරීමට අවස්ථාව අඩු වන නිසා එය අපිට හානි නොවන දෙයක් ඇතුළු වූ විට ශරීරයට හානි දෙයක් ඇතුළු වුවා යැයි සිතා අධික ප්‍රතික්‍රියාවක් දැක්වීම විය හැකි බව විශ්වාස කරනවා.

අසාත්මිකතාවයක් හදුනා ගන්නේ කොහොමද?

  1. ශරීරය පුරා කැසීම නිසා පලු හට ගැනීම
  2. තොල සහ මුහුණ ඉදිමීම
  3. කිවිසුම් යාම
  4. නාසය හිර වීම හෝ සොටු දියර ගැලීම
  5. බඩේ කැක්කුම හෝ වමනය
  6. ඇස් රතු වීම සහ කැසීම

එසේම සමහර අවස්ථා වලදී අසාත්මිකතා නිසා ජිවිත ඉතා ඉක්මනින් අවධානමට ලක් කරන අවස්ථා (anaphylaxis) ඇත. එහිදී

  1. හුස්ම ගැනීමේ අපහසුතාවය
  2. කලන්තය හෝ කරකැවිල්ල
  3. සම හෝ තොල් නිල් වීම
  4. සිහිසුන්බව ඇති විය හැකියි.

මෙය ඉතා ඉකමනින් වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු අවස්ථාවකි.

ප්‍රතිකාර තියෙනවාද?

අසාත්මිකතාවයක් නැවත ඇති වීම වැලැක්වීමට ප්‍රතිකාර නැති වුනත් අසාත්මිකතාවයකදී ඒ සදහා ප්‍රතිකාර තිබෙනවා. ඒ සදහා Antihistamines කාණ්ඩයට අයත් බෙහෙත් සහ Steroid කාණ්ඩයට අයත් බෙහෙත් ලබා දෙනවා. එසේම ඉහත සදහන් ජීවිත හානි ඉක්මණින් ගෙනදෙන වර්ගයේ (anaphylaxis) අසාත්මිකතාවයකදී adrenaline යන ඖෂධයද ලබා දෙනවා.

අසාත්මිකතා වර්ග

වෛද්‍යවිද්‍යාවේ අසාත්මිකතා වර්ග කිහිපයකට වෙන් කර ඇත.

Type I hypersensitivity

මෙයින් අදහස් කරන්නේ බහුලව අප දකින අසාත්මිකතාවය එනම් ආහාර, බෙහෙත් සහ දූවිලි වැනි දෙයට දක්වන ප්‍රතික්‍රියාවයි. එසේම ජීවිතයට ඉතා ඉක්මණින් අනතුරු ගෙන දිය හැකි (anaphylaxis) වර්ගයේ අසාත්මිකතාවයත් මේ වර්ගයට අයත් වෙයි.

Type II hypersensitivity

ප්‍රතිදේහ මගින් ඇති කරන අසාත්මිකතා එනම් අවයව බද්ධ කිරීමේදී ශරීරයෙන් එය ප්‍රතික්ෂේප වන්නේ මේ නිසයි.

Type III hypersensitivity

ප්‍රතිදේහක සහ ප්‍රතිදේහ එකට එකතුවී ඇති කරන අසාත්මිකතායි. මෙයට උදාහරණ වන්නේ — සහ — වෙයි.

Type IV hypersensitivity

ටී-සෛල ලිම්ෆොසයිට් මගින් ඇති කරන අසාත්මිකතා මෙලෙස හදුන්වයි. මෙයට උදාහරණක් වන්නේ ivy rashes ලෙස හදුන්වන සමේ රෝගයයි.

ඔබ දැන ගත යුතු දේ

  • අසාත්මිකතාවයක් ජිවිතයේ ඕනෑම මොහොතක ඕනෑම දෙයකට එන්න පුළුවන්
  • එවැනි අසාත්මිකතාවයක් එනවා නම් එය එන්නේ මොනවටද කියා දැනගන්න එක හොද දෙයක්, මොකද එවිට ඔබ එයින් වැලකි සිටිය යුතුයි. උදාහරණයකට ඔබට අන්නාසි වලට අසාත්මිකතාවයක් ඇති වෙනවා නම් ඔබ එය ආහාරයට ගැනීමෙන් වැලකි සිටින්න අවශ්‍යයි.
  • ඔබගේ අසාත්මිකතාවය ප්‍රතිකාර ලබා ගන්නා විට අනිවාර්යෙන් පැවසිය යුතුයි. ඔබට අසාත්මිකතාවය ඇත්තේ යම් ඖෂධයකට නම් අනිවාර්යෙන් එය ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

බහුලව දකින්න තියෙන, ජිවිතයක් නැතිකළ හැකි අසාත්මිකතා

තේරුණේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න

allergy allergic alagic ellagic allagik alagik palu asathmikatha leda elagik elagic

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk