බොහෝවිට මේ සදහා හේතුවන දේවල් කිහිපයක් අපගේ පහත slideshow එකෙන් දැනගන්න.

ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති උදාසීනත්වය (Sex-Drive Killers - Causes of Low Libido)
ඔබට හෝ ඔබේ සහකරුට/සහකාරියට මෙය ගැටළුවක් වී ඇත්ද? මේ සදහා බලපාන කායික සහ මානසික හේතු අපි සොයා බලමු.


Sex-Drive Killer: Stress
ඔබත් ආතතියෙන් (stress) පෙලෙන්නෙක්ද? සමහරවිට ඔබට ආතතිය අලුත් දෙයක් නොවෙන්න පුළුවන්.
රැකියාවහි ආතතිය, මුදල් ගැටළු, පවුල් සාමාජිකයකුගේ රෝගී තත්වයක් නිසා ඔබ ආතතියෙන් පෙළෙන්නෙකු විය හැකියි.
ඔබට ආතතිය එම කාරණා වලදී ලොකු ගැටළුවක් නොවුනත් ලිංගික කාරණාවලදී එය ගැටළුවක් විය හැකියි. එසේනම් අදම ඔබේ වෛද්‍යවරයා හමුවී ආතතිය අඩු කරගැනීමට කළහැකි දේ සාකච්චා කරන්න.


Sex-Drive Killers - Causes of Low Libido
ඔබ දෙදෙනා අතර ඇති සම්බන්ධතාවයේ නොවිසදුන ගැටළු පවතීද?
චිත්තවේගිව(emotional) ඔබ දෙදෙනා කොපමණ ලගින් සිටීද?
සමහරවිට අදහස් හුවමාරු නොකිරීම, විශ්වාසය කඩවීම මේ සදහා හේතු විය හැක.


Sex-Drive Killer: Alcohol
ඔව්, මද්‍යසාරය ඔබේ සතුරා වී ඇත්ද? මොහොතකට කල්පනා කරන්න.

Sex-Drive Killer: Too Little Sleep
ඔබත් දිනකට අඩුවෙන් නින්ද ලබන කෙනෙක්ද? නින්ද අඩුවීමට හේතුව මොකද්ද? රෝගී තත්වයක්ද නැත්නම් වෙනත් ගැටලුවක්ද? කොහොම වුනත් නින්ද අඩුවීම ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති උදාසීනත්වයට රුකුල් දෙයි.


Sex-Drive Killer: Medications
සමහර ඖෂධ වර්ග නිසාත් මෙය සිදු විය හැකියි. එනම්
Antidepressants
Antihistamines
Chemotherapy
Anti-HIV drugs
Finasteride
Synthetic progesterone
Blood pressure medications
ඔබේ වෛද්‍යවරයා හමුවී මේ ගැන කතා කරන්න.





Sex Drive Killer: Poor Body Image
ඔබත් නිතර ඔබේ ශරීරයේ හැඩය ගැන හෝ ඔබ තරබාරුයි කියා පසුතැවෙනවද? එම මානසිකත්වය ඔබේ උදාසීනත්වය වැඩි කරයි.


Sex-Drive Killer: Erectile Dysfunction
පුරුෂ ලිංගයේ අප්‍රාණිකත්වය ලිංගික ක්‍රියාකාරකම් වලට ඇති උදාසීනත්වයට රුකුල් දිය හැකියි. නමුත් මෙම හැගීම උදාසීනත්වය තව තවත් වැඩි කරනවා මිසක් අඩු නොකරයි.


Sex-Drive Killer: Low Testosterone
ටෙස්ටොස්ටෙරෝන් (testosterone) පුරුෂයන්ගේ ලිංගික උද්විපනය වැඩි කරන්නාවූ හෝමෝනයකි. නමුත් වයසත් සමග මෙම හෝමෝනය ටිකෙන් ටික අඩු විය හැක.


Sex-Drive Killer: Depression
විෂාදය(depression) ලිංගික උදාසීනත්වයට හේතුවක් විය හැකියි.


Sex-Drive Killer: Menopause
කාන්තාවකගේ අර්තවභාවනයත්(menopause) සමග ලිංගික උදාසීනත්වය අඩු විය හැක.


Sex-Drive Killer: Too Little Intimacy
ඔබ දෙදෙනා අතර ඇති මිත්‍රත්වය, කිට්ටු ආශ්‍රය නැතිවී ගොස් ඇත්ද? එසේ නම් ලිංගික උදාසීනත්වයට හේතුව එය විය හැකියි.


තේරුණේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
Email Consultation - Click here
Video Consultation - Click here
Dosthara.lk / Dosthara.Com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk