සමාජ මාධ්‍ය මිනිසුන්ට තොරතුරු රැස් කිරීමට, අදහස් බෙදා ගැනීමට සහ එක සමාන අභියෝගවලට මුහුණ දෙන අයට තමන්ගේ අත්දැකීම් බෙදාගැනීමට මාර්ගයක් විය. නමුත් මෙම කොරෝනා වසංගත කාලය තුල එය නිකම්ම ෆොටෝ පළ කරන ස්ථානයකට වඩා වැඩි තැනක් ගත්තා. එනම් එය වසංගතයට අදාළ තොරතුරු මධ්‍යස්ථානයක් බවට පත් වුණා.

වසංගතය අතරතුර සමාජ මාධ්‍ය භාවිතය මානසික සෞඛ්‍යයට බලපා තිබෙන්නේ කොහොමද? මෙම ලිපියෙන් ඒ ගැන ලොව වටා කෙරුණු පර්යේෂණ කිහිපයකට අවධානය දෙමු. 

වත්මන් මානසික සෞඛ්‍ය

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මානසික සෞඛ්‍ය රෝග වැඩි වෙමින් පවතී. දත්ත පෙන්වා දෙන්නේ ලොව පුරා සිටින ළමුන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගෙන් 20% ක් පමණ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත් වන බවයි.

අවුරුදු 15-29 අතර මරණ සඳහා බලපාන දෙවන හේතුව සියදිවි නසා ගැනීමයි

කොවිඩ් 19 වසංගතය අතරතුර Centers for Disease Control and Prevention මගින් කරන ලද සමීක්ෂණයකට අනුව
1. 31% කනස්සල්ල (anxiety) හෝ මානසික අවපීඩනයේ (depression) රෝග ලක්ෂණ වාර්තා කර ඇත
2. 13%ක් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය අලුතින් ආරම්භ කර හෝ වැඩි වී ඇති බව වාර්තා කර ඇත
3. 26% ක් ආතතිය (stress) හා සම්බන්ධ රෝග ලක්ෂණ අත්විඳින බව වාර්තා විය
4. 11% ක් සියදිවි නසාගැනීමේ සිතුවිලි වාර්තා කර ඇත.

සමාජ මාධ්‍ය සහ සෞඛ්‍ය වැරදි තොරතුරු

සමාජ මාධ්‍ය භාවිතය වර්ෂ 1995 දී ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ සමග වැඩි පිරිසක් එය ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස භාවිතා කිරීමට පටන් ගෙන ඇත. 2020 අගෝස්තු 31 සහ සැප්තැම්බර් 7 අතර සිදු කරන ලද Pew පර්යේෂණ මධ්‍යස්ථානයේ සමීක්ෂණයකට අනුව, එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් 53% ක් පමණ සමාජ මාධ්‍යවලින් ඔවුන්ගේ පුවත් ලබා ගනී.

සෞඛ්‍ය ගැටළුවකදීත් සෞඛ්‍ය තොරතුරු හොදින් සන්නිවේදනය කිරීමට සමාජ මාධ්‍යවලට උපකාර කළ හැකි බව පර්යේෂණ මූලාශ්‍ර පෙන්වා දෙයි. කොහොම වුනත් මේ විදිහට බෙදාගන්නා තොරතුරු සමහර අවස්ථා වලදී බොරු හෝ නොමඟ යවන ඒවා වෙන්න පුළුවන්.

උදාහරණයකට, Journal of Medical Internet Research සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද එක් පර්යේෂණයකට අනුව 2019 මාර්තු මාසයට පෙර සමාජ මාධ්‍ය පළ කිරීම් සැලකීමේදී Twitter හි දුම්පාන නිෂ්පාදන සහ මත්ද්‍රව්‍ය පිළිබඳ
නොමගයවන වැරදි සෞඛ්‍ය තොරතුරු අඩංගු බව සොයා ගන්නා ලදී.

මේ වැරදි සෞඛ්‍ය තොරතුරු නිසා බය සහ කාංසාව වැඩි කිරීමට හේතු විය හැක.

එක් වාර්තාවකට අනුව යම් පොස්ට් එකක් fact-checking සහ flagging posts කිරීමට තිබීමෙන් මෙම තත්වය අඩු කරගත හැකි බව පෙන්වා ඇත.

සමාජ මාධ්‍ය, COVID-19, සහ මානසික සෞඛ්‍යය

විද්‍යාඥයින් COVID-19 වසංගතය තුල පිළිබඳ සමාජ පාවිච්චි කරන්නන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යනය කිරීමට පටන් ගෙන තිබේ. උදාහරණයකට ප්‍රශ්නාවලියක් භාවිතා කරමින්, චීනයේ පර්යේෂකයන් 2020 මාර්තු 24 සිට අප්‍රේල් 1 දක්වා විද්‍යාල සිසුන්ගෙන් ගත තොරතුරු අනුව එයින් පෙන්නුම් කලේ සමාජ මාධ්‍ය භාවිතය සහ මානසික අවපීඩනයේ වැඩි අවදානම අතර සම්බන්ධයක් ඇති බවයි. ඒ වගේම සමහරුන් යෝජනා කරන්නේ ඍණාත්මක වාර්තා සහ පළ කිරීම් වලට නිරාවරණය වීම සමහර පුද්ගලයින්ගේ මානසික අවපීඩනයට දායක විය හැකි බවයි.

සමාජ මාධ්‍ය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද?

සමාජ මාධ්‍ය වල තිබෙන ගැටළුව නම් යම් පුද්ගලයෙක් මේවාට ලෙහෙසියෙන්ම ඇබ්බැහි වීමයි. එම නිසා මේ සදහා යොදවන කාලය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම වටිනවා. උදාහරණයකට යම් නිශ්චිත කාලයක් ගතවූ පසු දැනුම් දීම, news feed වල ප්‍රමාණය අඩු කිරීම, පින්තුර වෙනස් කර ඇත්නම් ඒ බව ඉබේම සටහනක් දැමීම, බොරු හෝ හානිකර තොරතුරු දැනුම් දෙන ක්‍රමයක් සහ ඉක්මනින් ඉවත් කිරීම වැනි දේ උදව් වෙයි.

සමාජ මාධ්‍යට ඔබව පාලනය කරන්න දෙනවා වෙනුවට ඔබ එය පාලනය කරන්න.

Dosthara.Com

socail media and mental health, facebook, twitter, tiktok. tik,

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk