Scabies කියලා කියන්නේ සමෙහි ඇතිවන රෝගී තත්වයක්. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝගය ඇති වන්නේ කොහොමද කියලා දැනගන්න පහත slideshow එක බලන්න.

Scabies එහෙමත් නැත්නම් හොරි කියන්නේ මොකද්ද?
මෙය සමෙහි ඇතිවන රෝගයකි. ඉතා කුඩා මයිටාවෙක් නිසා ඇතිවේ. මෙම මයිටවන් කොච්චර පොඩිද කියනවා නම් මිලිමිටයකින් තුනෙන් එකක් පමණ දිගින්ය (1/3 mm), අපගේ ඇසට නොපෙනෙන නමුත් අන්වීක්ෂයකින් දැකිය හැකි ආකාරය රුපයේ පෙන්වයි. ඔවුන් සමෙහි ඇතුලට ගමන් කරයි. එහි ප්‍රතිපලයක් ලෙස අධික ලෙස එම ස්ථානය කසයි."

මෙය වැළදෙන්නේ කොහොමද?
මෙම මයිටාවන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ස්පර්ශය මගින් බෝ වෙයි.

Scabies(ස්කෙබිස්) වැළදුනොත් කොච්චර කල් තිබිය හැකිද?
මෙම හොරි ඇති කරන මයිටාවන්ට පිටත පරිසරයේ දින 3 කට වඩා ජිවත් විය නොහැක. නමුත් අපේ සමෙහි මාසයක් පමණ ජිවත් විය හැක. අපේ සැමට ඇතුළුවූ විට එහි බිත්තර දමා ක්‍රමයෙන් ගණනින් වැඩි වෙයි.

රෝග ලක්ෂණ මොනවාද?
මෙහිදී සමේ රතු පැහැති බිබිලි ඇති වෙයි. ඒවා බොහෝවිට ඇගිලි කරු අතර මුලින් ඇති වෙයි, නමුත් පසුව මුළු ශරීරය පුරාම පැතිරිය හැක. මෙය හොරි ලෙස හදුන්වන අතර එය අදික ලෙස කසයි.

මෙම හොරි රෝගය ඔබට කෙසේ දැනේවිද?
අදික ලෙස කැසිම, මෙහි ප්‍රධාන ලක්ෂණයයි. මෙය රෝගයේ මුල් දිනවල අඩු වුවත් පසුව ටිකෙන් ටික වැඩි වෙයි. රාත්‍රියේ කැසිම වැඩි වෙයි. එය කෙතරම් වැඩි වෙනවද කියනවා නම් නිදා ගැනීමට නොහැකි වන තරමටම උත්සන්න වෙයි.

රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
රෝගියාගේ රෝග ලක්ෂණ වලින් සහ සම පරික්ෂා කිරීම තුලින් වෛද්‍යවරයෙකු රෝග විනිශ්චයට පැමිණෙයි. මේ සදහා රුධිර පරික්ෂා නොමැත. නමුත් සමහර අවස්ථා වලදී සම සූරා එය පරික්ෂා කර බලයි.

ප්‍රතිකාර මොනවාද?
මේ සදහා මයිටාවන් විනාශ කරන ආලේපන වර්ග ඇත. එනම් permethrin, lindane. මෙම ආලේපන බෙල්ලේ සිට පහලට ආලේපනය කර පැය 6-8 ක කාලයක් සිටිය යුතුයි. මෙම සමහර ආලේපන, කුඩා දරුවන්ට සහ ගර්භණි කාන්තාවන්ට සුදුසු නැත. එමනිසා වෛද්‍යය අනුමැතියකින් තොරව පාවිච්චි කරන්න එපා.

ප්‍රතිකාර - Antihistamines
සමෙහි ඇති අදික කැසිම වැලක්වීමට භාවිත කරයි.

ප්‍රතිකාර - ඇද ඇතිරිලි සහ ඇදුම් හොදින් හෝදන්න
මෙම මයිටාවන් ඇද ඇතිරිලි සහ ඔබගේ ඇදුම් වල සිටිය හැකි බැවින් ඒවා උණු වතුරින් සෝදා පාවිච්චි කල යුතුයි.

ප්‍රතිකාර - වෙනත් කල හැකි දේ
නිවසේ වෙනත් සාමාජිකයන්ටත් ඇත්දැයි සොයාබලා ප්‍රතිකාර කරන්න.
නියපොතු කපා තබා ගන්න. මයිටාවන්ට නියපොතු අතර රැදෙන්න දෙන්න එපා.


මෙම රෝගය වැඩිපුර හැදෙන්නේ කාටද?
ප්‍රතිශක්තිකරණ පද්දතිය දුර්වල අයට, එසේම බොහෝ සාමාජිකයන් කුඩා ඉඩ ප්‍රමාණයක ජිවත් වන අවස්ථාවන්හි. උදා: කදවුරු වල ජිවත් වන්නන්, බන්ධනාගාරයහි සිටින්නන්.


End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.

Make an Online Video Appointment
Dosthara.lk/ Dosthara.com

scabies, hori, sama, same roga, kasanawa, leda

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk