ස්කිසොෆ්රේනියා යනු අපගේ මොළයේ ඇතිවන රෝගී තත්වයක් වන අතර මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ
– Delusions (යමක් බොරුයි කියා සාක්ෂි ඇතිව ඔප්පු කලත් එය සත්‍යක් යැයි පිළි ගැනීම) උදාහරණයකට කිසිම පදනමක් නොමැතිව යම් කෙනෙක් තමන්ට හානි කරන්න පැමිණෙනවා කියා සිතීම.
– Hallucinations (අනිත් කිසිවෙකුට නොපෙනෙන දේවල් පෙනීම, දැනීම හා ඇසීම) උදාහරණයකට තමන්ට x කිරණ පෙනෙනවා නැත්නම් රේඩියෝ තරංග පෙනෙනවා යැයි පැවසීම
– Disorganized speech (තේරුමක් නොමැති වාක්‍ය රටා)
– සිතීමේ හැකියාව අඩු වීම
– කිසිම දෙයක් කරන්න ආශාවක් නැති වීම වෙයි.

මෙම තත්වය සම්පුර්ණයෙන් සුව කල නොහැකි වුනත් ප්‍රතිකාර මගින් සම්පුර්ණයෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකියි. මෙය ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශයටම එක සේ ඇති විය හැකි අතර පිරිමි අයට මුල් රෝග ලක්ෂණ ඇතිවීමට පටන්ගන්නේ වයස 17 සිට 25 වෙයි. ගැහැණු අයට සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මතුවන්නේ 20 ගණන් වල අවසානයේ හෝ 30 ගණන් වල මුල් අවදියේයි.

මෙම රෝගය උග්‍රවන සහ අඩුවන කාලයන් ඇති අතර උග්‍ර වන කාලයේදී සැබෑ සිදුවීම් සහ අසත්‍ය සිදුවීම් අතර වෙනස ඔහුට හදුනා ගැනීමට නොහැකි වෙයි. එය කොතෙක් දුරට පවතීද යන්න රදා පවතින්නේ රෝගයේ උග්‍රතාවය මතයි. වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය සහ අධික මානසික පීඩනයක් ඇතිවිය හැකි සිදුවීම් නිසා මෙම රෝගය උග්‍ර විය හැකියි.

අවදානම් සාධක
ජානමය
අවට පාරිසරික හේතු
අධික මානසික පීඩනයෙන් සිටීම නිසා මෙම රෝගය ආරම්භ වීමට හේතු විය හැකියි.

ප්‍රතිකාර මොනවාද?
මෙම රෝගය සුව කිරීමට ප්‍රතිකාර නොමැති වුවත් සම්පුර්ණයෙන් පාලනය කිරීමටත් සාමාන්‍ය ජිවිතයක් ගතකිරීමට හැකි පරිදි පාලනය කිරීමට ප්‍රතිකාර ඇත. ඒ වගේම මානසික පීඩනය පාලනය කිරීමට සහ තමන්ට ඇති හැකියාවන් තේරුම්ගෙන එම කුසලතාවයන් වර්ධනය කිරීමටත් වෛද්‍යවරුන් ඔහුන්ට උදව් කරයි. එමනිසා පිලිවෙකකින් මානසික රෝගී සායනයට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්වශ්‍යයි.

තේරුණේ නැති දෙයක් තියෙනවද?

අපෙන් අහන්න.

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk