Rheumatoid arthritis

අපගේ ශරීරයේ සන්ධි ගැන අපි කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද කියා අපට හැගෙන්නේ එම සන්ධියක ක්‍රියාකාරිත්වය අඩපණ වූ විටයි. ආතරයිටිස් කියන්නෙත් එහෙම අපගේ සන්ධි අඩපණ කරන රෝගයක්. ඒ ගැන දැනගන්න පහත slideshow එක බලන්න.

ආතරයිටිස් (සන්ධි ප්‍රදාහය) - Rheumatoid arthritis (often called RA)
ඔය හැමෝම කතාවෙන ආතරයිටිස් කියන්නේ මොකටද? Arthritis කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේම ශරීරයේ සන්ධි (joints) වලට විරුද්දව ප්‍රහාර එල්ලකිරීම නිසා සිදුවන දිගුකාලින සන්ධිවල රෝගයකි. එය joints වල විතරක් නොව ඒ අවට ප්‍රදේශයේ ඉදිමීම සහ කැක්කුමද ඇති කරයි.

Arthritis වැළදෙන්නේ කාටද?
මෙය කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන අතර ඕනෑම වයස් සීමාවක අයට වැළදීමට හැකියාවක් තිබුනද සාමාන්‍යයෙන් වයස අවු. 40 - 60 අතර දක්නට ලැබෙයි. සමහරවිට එකම පවුලේ සාමාජිකයන් අතර දක්නට ලැබෙන අතර, එමනිසා මෙම රෝගයට ජානමය බලපෑමක් ඇති බව සිතයි.

Juvenile Rheumatoid Arthritis කියන්නේ මොකටද?
ඔව්, වයස අවු.16 ට අඩු අයටත් මෙය වැළදෙනවා. එවිට එය Juvenile Rheumatoid Arthritis ලෙස හදුන්වනවා. ශරීරයේ ඕනෑම සන්ධි යක් මෙහි බලපෑමට ලක්වන අතර එවිට එම සංදිය රත්පැහැ ගැන්වී, ඉදිමි, එම සන්දියෙන් කරන චලනයන් කිරීම අපහසු වෙයි. එම රෝග ලක්ෂණ සති 6 කට වඩා තිබේද? එසේනම් එය ආතරයිටිස් විය හැකියි. ඔබේ පවුලේ වෛද්‍යවරයා වහාම හමුවන්න.


සාමාන්‍ය සන්ධියක සහ ආතරයිටිස් ඇති සන්ධියක වෙනස් කම් මොනවද?
සන්ධියක් යනු අපගේ අස්ථි දෙකක් හමුවන ස්ථානයකි. ආතරයිටිස් ඇති විට එම සන්ධියේ ප්‍රදාහයක් (inflammation) ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස එම සංදිය ඉදිමිමටත් රත්පැහ ගැන්වී තද බවක්ද ඇති වෙයි. දිගු කාලීනව තිබෙන ප්‍රදාහය නිසා එම සන්ධි යට හානිවී, විරූපී වීමට හැකියි.


ආතරයිටිස් වලට හේතුව මොකද්ද?
එයට හේතුව හරියටම නොදන්නා අතර ලොව වටා මේ පිළිබද පරීක්ෂණ පවත්වයි. අපගේ ජාන වල සහ පාරිසරික බලපෑම ඇති බව අනුමාන කරයි.


Remission, Relapse, and Flares
ආතරයිටිස් රෝගයේ රෝග ලක්ෂණ යම් කාලයක වැඩිවීමටත් තවත් කාලයක් සම්පුර්ණයෙන් සුවවීමටත් ආපසු නැවත හටගැනීමත් සිදුවිය හැක.


රෝග ලක්ෂණ මොනවද?
1. ආහාර අරුචිය
2. උණ
3. මස්පිඩු හා සන්දි වේදනාව හා තද ගතිය.
සන්ධි වේදනාව බොහෝ විට උදය කාලයේ වැඩි අතර වැඩ කිරීමත් සමග අඩු වෙයි. එසේම සන්ධි වල ඉදිමීම, රතුවීම සහ කැක්කුම දැකිය හැක.


රෝග ලක්ෂණ මොනවද? #2
ආතරයිටිස් වලදී සන්ධි එකකට වඩා ගොදුරු වන අතර සාමාන්‍යයෙන් සමමිතික ලෙස අත් දෙකේම හෝ පාද දෙකේම එකම ආකාරයේ සන්ධි ගොදුරු වෙයි. එවිට ජිවිතයේ එදිනෙදා වැඩ කටයුතු කිරීමට නොහැකි වන තරම් එය දරුණු වන අතර පසුව සන්දි වලට සිදුවන හානිය නිසා එම සන්දියේ ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් නැති වෙයි.


වෙනත් අවයව වලට බලපෑ හැකිද?
ඔව්, ආතරයිටිස් යනු සන්ධි වලට පමණක් සිමාවුන රෝගයක් නොවේ, එය ඇසේ සහ සමේත් (Sjögrens syndrome, rheumatoid nodules), පෙනහළු වලටත්, හදවතටත් (pericarditis), රුධිරයටත් (anemia, Felty's syndrome).

Rheumatologist ලෙස හදුන්වන්නේ කාවද?
ආතරයිටිස් රෝගය සදහා සහ ඒ හා සම්බන්ද රෝග සදහා විශේෂ දැනුමක් ඇති විශේෂඤය වෛද්‍ය වරුන් වෙයි.


රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
රෝග විනිශ්චය සදහා ඔබේ වෛද්‍යවරයා රෝගය පිළිබද තොරතුරු විමසා බලන අතර, අවශ්‍ය නම් රුධිර පරික්ෂවන්ද, X-rays ද ගනු ලබයි.


රුධිර පරීක්ෂාවන් මොනවාද?
සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් සහ ESR, CRP මුලික පරීක්ෂණ වෙයි. අතරයිටිස් රෝගීන්ගෙන් 80% කගේ පමණ rheumatoid factor රුධිරයේ දක්නට ලැබේ. එසේම antinuclear antibody පරීක්ෂාවද කරනු ලබයි.

ප්‍රතිකාර මොනවාද?
අතරයිටිස් රෝගය සම්පුර්ණයෙන් සුව කිරීම සදහා තවම ප්‍රතිකාර නොමැති වුවත් ඒ සදහා තිබෙන ප්‍රතිකාර වලින් බලාපොරොත්තු වන්නේ, කැක්කුම අඩු කිරීමත්, සන්ධි විනාශවීම වැළකීමත්, එහි ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමත් කරයි. මෙහිදී බොන බෙහෙත් වලට අමතරව රෝගයට ලක්වී තිබෙන සන්ධි වලට ව්‍යයමත් අනුමත කරයි.

ව්‍යායාම කිරීමත් විවේක ගැනීමත් වැදගත්ද?
රෝගයේ සක්‍රිය අවස්ථාවේදී සන්දි විවේකිව තැබිය යුතු වුවත් සන්දි ප්‍රදාහය අඩුවූවිට ක්‍රමානුකුල ව්‍යායාම කල යුතුයි.
1. Range-of-motion exercises
2. පිහිනීම
3. Physical and occupational therapists are trained to provide specific exercise instructions and can offer splinting supports.


සැත්කම් වලින් ප්‍රයෝජනවත්ද?
ඔව්. සමහරවිට සැත්කම් ප්‍රයෝජනවත් වෙයි. ඒ සදහා orthopedic surgeon වෛද්‍යවරයකුගේ උපදෙස් පැතිය යුතුයි.


තේරුණේ නැති දෙයක් තියෙනවද?
අපෙන් අහන්න.

athritis, joint, kakkuma, pain, handi

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk