කුරුලෑ යනු සමේ ඇතිවන රෝගී තත්වයක් වන අතර එයට හේතුව සමේ ඇති ග්‍රන්ථි, තෙල් සහ මැරුණු සෛල වලින් අවහිර විමයි. එය වයිට් හෙඩ්ස් (Whiteheads), බ්ලැක් හෙඩ්ස් (Blackheads) හෝ කුරුලෑ ඇති කරයි. මෙය බොහෝවිට දක්නට ලැබෙන්නේ තරුණ තරුණියන් අතරයි.

මෙය මුහුණේ, නල්ලේ, පපුවේ සහ පිටේ දක්නට ලැබෙයි. රතු පැහැති බිබිළි , සැරව පිරුණු ගැටිති, කළු හෝ සුදු පැහැති බිබිලි ලෙස මෙය දකින්න ලැබෙයි.
කුරුලෑ වල පැතිරීම අනුව එය මානසික වදයක් වගේම මුහුණේ දිගටම පවතින කැළැල් ඇති වීමටද හේතුවිය හැකියි. එමනිසා වෛද්‍ය ප්‍රතිකාර මෙය මගහරවයි.
කුරුලෑ ඇති කිරීමට හෝ වැඩි කිරීමට බලපාන හේතු
- හෝමෝන වල වෙන වෙනස්කම් – දරුවන් යෞවනයන් විමේදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ වෙන වෙනස්වීම.
- සමහර ඖෂධ නිසා – corticosteroids, testosterone සහ lithium අඩංගු ඖෂධ
- ආහාර වර්ග – අධ්‍යනයන් පෙන්නුම් කරන්නේ පාන් සහ චිප්ස්
- ආතතිය (Stress) – මෙමගින් කුරුලෑ ඇති නොකලත් එය වැඩි කිරීමට මග පාදයි.
ප්‍රතිකාර
දිගින් දිගටම කුරුලෑ වැඩිවනවා නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ සම පිළිබද විශේෂක්‍ය වෛද්‍යවරයකු (Dermatologist) හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එහිදී ලබා දෙන ප්‍රතිකාර වර්ගය තීරණය කරනු ලබන්නේ ඔබට ඇති කුරුලෑ වර්ගය සහ එහි පැතිරීම අනුවයි. පෙති (antibiotics) සහ ක්‍රීම් වර්ග ඔබට ලබා දිය හැකියි.
තවත් දැන ගත යුතු දේවල්
- ඔබගේ මුහුණ මදක් උණුසුම් වතුරෙන් කුරුලෑ සදහා තිබෙන face wash එකක් පාවිච්චි කර දිනකට දෙවරක් පමණ හෝදන්න.
- කුරුලෑ කඩන්න මිරිකන්න එපා.
- මුහුණ අල්ලන එකෙන් වලකින්න.
- Makeup රාත්‍රී නින්දට පෙර අනිවාර්යෙන් සෝදා හරින්න.
- ඔබගේ හිසකෙස් පිරිසිදුව තබා ගන්න.
කුරුලෑ කියන්නේ නිතරම දක්නට ලැබෙන සමේ රෝගයක්. ඇත්ත එමගින් ඔබගේ මුහුණට යම් බලපෑමක් ඇතිවිය හැකියි නමුත් බය වෙන්න එපා, ප්‍රතිකාර තියෙනවා.
තේරුණේ නැති දෙයක් තියෙනවද?
අපෙන් අහන්න