Kidney-Stones

මුත්‍රා ගල් හැදෙන්නේ කොහොමද? හේතුව මොකද්ද? හැදුනොත් මොකද කරන්න පුළුවන් කියන දේවල් දැනගන්න පහත slideshow එක බලන්න.

මුත්‍රා ගල් කියන්නේ මොනවාද?
මුත්‍රා වල ඇති ලුණු සහ වෙනත් රසායන ද්‍රව්‍ය එකතුවී වකුගඩුව තුල හෝ මුත්‍රා නාල තුල සෑදෙන ගල් මෙසේ හදුන්වයි. මේවා වැලිකටයක් තරම් කුඩා ප්‍රමාණයේ සිට ගොල්ෆ් බෝලයක් තරම් විශාල ඒවා විය හැකියි.

මුත්‍රා ගල් හැදෙන්නේ ඇයි?
මුත්‍රා වල තිබෙන රසායන ද්‍රව්‍ය වල වෙනසක්, මුත්‍රා ගල් සැදීමට මග පාදයි. මෙසේ සිදුවන්නේ අප ජලය අඩුවෙන් පානය කළහොත්ය, එසේම සමහර පුද්ගලයන්ට ඇති රෝග නිසාත්, ජාන වල පලපෑම් නිසාත් මුත්‍රා ගල් ඇතිවීමේ අවදානම වැඩි වෙයි.

රෝග ලක්ෂණ මොනවාද?
මුත්‍ර ගල් වකුගඩුවේ තිබෙනතාක්කල් එය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි, නමුත් එය වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා ගමන් කළහොත් එහිදී ඉතාම තද, හදිසියේ පැමිණෙන කොන්දේ හෝ බඩේ වේදනාවක්ද, මුත්‍ර සමහ ලේ පිටවිමක්ද දක්නට ලැබේ. මුත්‍ර වලට මේ වනවිට විෂබීජයක් ගොස් ඇත්නම් උණද රෝග ලක්ෂණ අතරට එක් වෙයි.

මුත්‍ර ගල් ලෙස නිර්ණය කරන්නේ කොහොමද?
මෙහිදී රෝග ලක්ෂණ ඉතා වැදගත් තැනක් ගන්නා අතර X-ray, CT සහ ultra sound scan පරීක්ෂණ මගින් මෙය තහවුරු කරගත හැක.

මුත්‍ර ගල වලට ප්‍රතිකාරය මොකද්ද?
බොහෝ මුත්‍රා ගල් රෝග ලක්ෂණ මතුවී පැය 48 ක් පමණ කාලයකදී පිටවෙයි. මෙයට හොදින් ජලය පානය කිරීම උපකාරී වෙයි. මුත්‍රා ගලක් මුත්‍රා මාර්ගයෙන් පිටවීමට කාරණා කිහිපයක් බලපායි, එනම් මුත්‍රා ගලේ ප්‍රමාණය, prostate ග්‍රන්තියේ ඉදිමීමක් ඇත්ද නැද්ද යන්න, සහ මිට පෙර මුත්‍ර ගල් පිටවී ඇත්ද යන්න වග. සාමාන්‍යයෙන් 4 mm ගලක් පිටවීමට 80% ක සම්භාවිතයකුත් 5 mm ගලක් පිටවීමට 20% ක සම්භාවිතයකුත් ඇත. 9-10 mm ප්‍රමාණයේ ගලක් නම බොහෝ විට ප්‍රතිකාර අවශ්‍යයි.


මුත්‍රා ගල් නිකම්ම පිටවුනේ නැත්නම් මොකද කරන්නේ?
  • මෙහිදී shock waves යොදා ගනිමින් මුත්‍රා ගල කුඩා කැබලි වලට කුඩු කර මුත්‍රා මාර්ගයෙන් ස්වභාවිකව යාමට සලස්වයි.
  • එසේම ශල්‍යකර්ම මගින්ද ඉවත් කරයි.


වළක්වාගන්න පුලුවන්ද?
මුත්‍රා ගල් වලට ප්‍රධානම හේතුව ජලය අඩුවෙන් පානය කිරීමයි. එමනිසා ඇති තරම් ජලය පානය කරන්න. සාන්ද්‍රණය අදික බීම පානය කිරීම මුත්‍රා ගල් ඇති වීමට මග පැදිය හැක.


තවත් අවධානම් තත්වයන්
ශරීරයේ බර වැඩිවීමේ ප්‍රතිපලයක් ලෙස මුත්‍රා වල කැල්සියම් ප්‍රමාණය වැඩි වන අතර, එමනිසා මුත්‍රා ගල් ඇතිවීමේ අවදානම වැඩි වෙයි.


End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com

 

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk