Covid-Delta-Varient

ඩෙල්ටා ප්‍රභේදය යනු කොරෝනා වෛරසයේ ඉතා සීග්‍රයෙන් බෝවෙන ප්‍රභේදයකි. සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි එය

  1. අනිත් ප්‍රභේදයන්ට වඩා ඉතා වේගයෙන් පැතිරෙයි.
  2. සෞඛ්‍ය පාලන ක්‍රම වලට ප්‍රතිරෝධයක් දක්වයි.
  3. රෝගීන් අතර වඩාත් දරුණු රෝග ලක්ෂණ ඇති කිරීම
  4. දරුවන් අතර ඉක්මනින් රෝගය වැළදීමට හැකි බවයි

මෙය මුලින්ම දක්නට ලැබුනේ ඉන්දියාවේ වන අතර මේ වන විට එනම් 2021 ජුනි වන විට රටවල් 74කට පැතිරී ඇත. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. මෙම ප්‍රභේදය අනිත් ඒවාට වඩා 50-90% කට වඩා පැතිරෙන සම්භාවිතාවය වැඩියි.
මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ

  • හිසරදය
  • උගුරේ අමාරුව
  • සෙම්ප්‍රතික්ශ්‍යව
  • උණ වෙයි.

අනික් සෑම ප්‍රභේදයක් වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

  1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන
  2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ
  3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
    එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

  1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම
  2. දෑත් පිරිසිදුව තබා ගැනීම
  3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
    මේ අතරින් ඉතා වැදගත් වනවා

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ වගකීමක්.

ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.

තේරුණේ නැති දෙයක් තියෙනවද?

අපෙන් අහන්න

Source: HPB SL COVID-19, Webmd

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk