covid-vaccination

ඇත්තටම මෙම එන්නත් අවශ්‍ය වුනේ ඇයි?
එයට හේතුව වෛරස් ආසාදන සදහා සාමාන්‍යයෙන් බෙහෙත් නොමැති නිසයි. නමුත් මෙම එන්නත් මගින් අපගේ ශරීරයට කොරෝනා වෛරසයට විරුද්ධව ඉක්මනින්ම සටන් කිරීමට ඉගැන්විය හැක. මේ වනවිට කොරෝනා වෛරසයට විරුද්ධව සටන් කල හැකි එන්නත් කිහිපයක්ම නිපදවා ඇත.

දැනට කොරෝනා ආසාදනයට විරුද්ධව නිපදවා ඇති එන්නත් වන්නේ

  1. Oxford/AstraZeneca
  2. Pfizer/BioNtech
  3. Moderna
  4. Janssen
  5. Novavax
  6. Sinovac, CanSino and Sinopharm (චීනය විසින් නිපදවා ඇත)
  7. Sputnik V (රුසියාව විසින් නිපදවා ඇත)

මේ අතරින් දැනට එක්සත් රාජධානියේ භාවිතා කරන්නේ AstraZeneca, Pfizer සහ Moderna වෙයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ ලබාදෙන එන්නත වන්නේ Oxford/AstraZeneca වෙයි. එම එන්නත සායනික අත්හදා බැලීම් මගින් ආරක්‍ෂිත බව තහවුරු කර ඇත. එන්නත ලබාදීමෙන් පසු එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාව, උණ, හන්දි සහ මස්පිඩු වේදනාව, හිසරදය සහ වෙව්ලීම දක්නට ලැබිය හැක. එය බොහෝ විට පැය 24ත් 48ත් කාලයක් තුල ක්‍රමයෙන් අඩුවී යයි. ඔබට උණ සහ ඇගපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් නියමිත මාත්‍රාව අරගන්න. භයානක අතුරු ආබාධ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. එමනිසාම මෙම එන්නත ලබාදීමෙන් පසු විනාඩි 20ක කාලයක් ඔබව වෛද්‍යවරුන්/ හෙද හෙදියන් විසින් එම ස්ථානයේම රදවා නිරීක්ෂණය කරයි. මන්දයත් බොහෝවිට ඉතා භයානක අතුරු ආබාධ දක්නට ලැබෙන්නේ මුල් විනාඩි කිහිපය තුල පමණයි.

එන්නතෙන් පසු සියල්ලම හරිද?

ප්‍රතිශක්තිය සදහා Oxford/AstraZeneca එන්නත ඔබට දෙවරක් ලබා දිය යුතුයි. එය ලබා දෙන්නේ පලමු එන්නතට මාස 2-3කට පසුවයි. එන්නත් දෙකම ඔබ ලැබුවත් මාස්ක් පැලදීම, සමාජ දුරස්තභාවය සහ නිතර අත් සේදීම අමතක කරන්න බැහැ.

හොදම එන්නත කුමක්ද?
එන්නත් සංසන්දනය කිරීම අපහසුයි. මන්දයත් මෙම එන්නත් නිපදවන ආයතන ඒ සදහා පාවිච්චි කරන සයනාත්මක ක්‍රම වෙනස් වීමය. කෙසේනමුත් කිසිම එන්නතක් නොලබා සිටිනවාට වඩා එන්නතක් ලැබීම ආරක්ෂිතයි. එමගින් 100% ආරක්ෂාවත් නොලැබුනත්, කොරෝනා ආසාදනයෙන් මරණිය සංකුලතා ඇතිවීම අවම කරයි.

මෙම එන්නත් නිසා වෛරසය තව කෙනෙකුට ආසාදනය වීම වලක්වයිද? එම ප්‍රශ්නයට පිළිතුර දීමට තවම ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

කොරෝනා වෛරසයේ අලුත් වෙනසට මෙම එන්නත් සුදානම්ද?
තවම එයට පිළිතුර – “ඔව්” ලෙස කියන්න පුලුවන්. නමුත් දිගින් දිගටම මෙම වෛරසය වෙනස් වුවහොත් එන්නතද වෙනස් කිරීමට සිදුවිය හැකියි.

Update 21.06.2021
දැනට ලංකාවේ සීග්‍රයෙන් පැතිර යෑමේ හැකියාවක් ඇතැයි කියා සිතෙන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මෙම එන්නත් සුදානම්ද?
කිසිදු එන්නතක් මගින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාවය 100% කින් අඩු කරන්නේ නැහැ. නමුත් ඉහත එන්නත් තවම මෙම ප්‍රභේදයන්ට එරෙහිවත් ක්‍රියා කරන අතර එන්නත්කරණයෙන් දරුණු කොවිඩ් රෝගී තත්වය සහ මරණ අවම කරගැනීමටද හැකියාව තියෙනවා.

තේරුනේ නැති දෙයක් තියෙනවද? මෙම එන්නත් ගැන තවත් දැනගන්න.

අපෙන් අහන්න

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk