Leprosy hand

ලාදුරු කියල කියන්නේ Mycobacterium leprae ලෙස හදුන්වන ක්‍ෂුද්‍ර ජිවියෙක් නිසා හමේ සහ ස්නායු වල ඇතිවන බෝවන රෝගයකි. එමගින් හමේ විරූපිතා ඇති කරවන නිසා බොහෝ දෙනෙක් තුල මේ සදහා බයක් ඇත. නමුත් මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුව කල හැකියි. ලාදුරු රෝගීන් ලොව වටා ලක්ෂ 2ක් පමණ සිටින අතර ශ්‍රී ලංකාව තුලද වසකට රෝගීන් 2000ක් පමණ අලුතින් හදුනා ගනියි.

ලාදුරු ප්‍රධාන වශයෙන් බලපාන්නේ සමෙහි සහ මොලයට පිටතින් ඇති ස්නායු පද්දතියටයි. ඒ වගේම ඇස් වලටද මෙම ආසාදනය බලපායි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ දිගුකාලීනව සමෙහි ඇති වර්ණයේ වෙනසයි, එහිදී සමේ ඇතිවන දද වල සංවේදනය අඩු වීමක් හෝ නැතිවීමක් සිදුවේ. එසේම ස්නායු දුර්වලවීමත් සමග මාංශ පේශි දුර්වලතාවය සහ අත් සහ කකුල් වල හැඟීම නැතිවීම සිදුවිය හැක.
රෝගකාරකය ශරීරයට ඇතුළු වී රෝග ලක්ෂණ ඇතිවීමට අවුරුද්දක් සිට අවුරුදු 5ක් දක්වා කාලයක් යන්න පුළුවන්.

මෙම රෝගය තව කෙනෙකුට බෝ වෙන්නේ කොහොමද?
එය බෝවෙන ආකාරය හරියටම දන්නේ නැති වුනත් දැනට ඇති තොරතුරු අනුව මෙය බෝවන ආකාරය පැහැදිලි කරන්නේ ලාදුරු ඇති කෙනෙක් කිවිසුමක් හෝ කහින විට එහිදී පිටවන බිදිති නිරෝගී කෙනෙක් ආශ්වාස කිරීමෙන්ය.

මෙම රෝගය හදුනාගන්නේ කොහොමද?
ඔබටත් දිගුකාලයක් තිස්සේ ඇති සමෙහි දදයක් හෝ වර්ණයේ වෙනසක් ඇති ස්ථානයක් තිබේද? එසේනම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න. එම දදයේ වර්ණය, හැඩය සහ පැතිරීම නිරීක්ෂණය කිරිමෙන් සහ සමෙහි පරීක්ෂණයක් මගින් නිවැරදිව මෙම රෝගය හදුනාගත හැකියි.

ප්‍රතිකාර මොනවාද?
මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුවකිරීමට ප්‍රතිජීවක ඇත. බොහෝවිට මෙම ඖෂධ මාස 6ක් හෝ අවුරුද්දක් ලබා දීමට සිදුවෙයි.

ප්‍රතිකාර නොකලොත් කුමක් වෙන්න පුලුවන්ද?

එහිදී දිගුකාලින සංකුලතා ටිකෙන් ටික ඇතිවිය හැකියි.

  1. අන්ධභාවය හෝ ග්ලුකෝමා
  2. හිසකෙස් නැතිවීම
  3. වඳභාවය
  4. මුහුණේ විරූපිතා
  5. වකුගඩු අකර්මණ්‍ය වීම
  6. මාංශ පේශි දුර්වල වීම
  7. දෑත් හෝ පාද නැවීමට නොහැකි වීම
  8. හුස්ම හිරවීම වැනි දේ දක්නට ලැබිය හැකියි
    එසේම ලාදුරු රෝගයදී සමෙහි සංවේදනය නොමැති වීම නිසා ඇතිවන සංකුලතාද දක්නට ලැබෙයි.

සමෙහි දිගුකාලීන දදයක් හෝ ගැටිත්තක් ඇත්නම් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.

Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk