child development

ඔබගේ දරුවා මෙලොව එලිය දුටු දා සිට අවුරුද්දක් දක්වා දරුවෙක් වර්දනය වන විදිහ සහ කරන්න ඕන දේවල් ගැන දැනගන්න.

පහත slideshow එක බලන්න.

වයස මාස 1 දී
මාස 1 දී දැකිය හැකි උපරිම දුර අගල් 8-15 දක්වා පමණ වෙයි. එමනිසා ඔබේ ළදරුවා නොනිදා සිටින විට ඔබේ මුහුණ ලංකර පෙනීමට සලස්වන්න, මන්ද දරුවාත් ඇසෙන් දේවල් නාභි ගත කර බැලීමට ආශා කරයි.

වයස මාස 2 දී
දැන් දරුවාගේ පෙනීම සහ අතින් කලහැකිදේ තවත් වර්දනය වෙයි. දරුවා සමග ගීත ගායනා කරන්න, අත් එකිනෙක අල්ලා අත්පුඩි ගසන්න. ටික දවසක් යන විට දරුවා ඔබගේ මුහුණේ චලන, ශබ්දය අනුකරණය කරන බවට ඔබට වැටහෙයි. එයට ප්‍රතිචාර දක්වයි.


වයස මාස 3 දී
දැන් සෙල්ලම්බඩු අතින් අල්ලාගෙන සිටියි. සෙල්ලම් කරයි. ඇදේ සිටින විට නිතර හිස කෙලින් තබාගැනීමට වැඩි ආශාවක් දක්වයි.

වයස මාස 4 දී
තම හැගීම් ප්‍රකාශ කරයි. උදාහරණයකට තද පැහැති සෙල්ලම්බඩු දුන් විට හිනා වන අතර, දරුවා සෙල්ලම් කරමින් සිටින දෙයක් උදුරා ගත්විට එය ඉල්ලා වැළපෙයි. දන්නවද දැන් ඔබේ දරුවාව කිචි කවන්න(ticklish) පුළුවන්. මෙය සාමාන්‍යයෙන් සති 14 දී පමණ දක්නට ලැබෙයි.


වයස මාස 5 දී
දැන් ඔබේ දරුවාගේ ඇස් සහ කන් ඔබේ වගේම ක්‍රියා කරයි. එසේම දැන් කොදුරන්නත් පුළුවන්. සංවාදයක් අරඹන්න ඇයට/ඔහුට උදවු කරන්න. දරුවා සමග චිත්‍ර පොත් බලන්න. චිත්‍රය පෙන්වන විට එය ශබ්ද නගා කියවන්න.

වයස මාස 6 දී
තනියම හිදගෙන සිටින්න දැන් පුළුවන්. බිම සෙල්ලම් බඩුවක් තබා ඒ කරා ලගාවීමට දිරිගන්වන්න. අතේ තියෙන හැම දෙයක්ම කටට දාගන්න කාලයක්, ඒක නිසා සෙල්ලම් බඩු දෙන විට පරිස්සම් වෙන්න. නිවාස ආරක්ෂා සහිත ස්ථානයක් බවට වගබලාගන්න.


වයස මාස 7 දී
දරුවා අතින් කරන ක්‍රියාකාරකම් වල දක්ෂතාවය තවත් වැඩි වෙයි. මුලින් යමක් ඇල්ලීමට මුළු අතම යොදාගත්තද දැන් ඇගිලි වලින් යමක් ඇල්ලීමට උත්සහ කරයි.

වයස මාස 8 දී
අවට ලෝකය ගැන ඉගැන්වීමට හොදම කාලයයි. එසේම ශරීරයේ අවයව පෙන්වා ඒවා උගන්වන්න. උදා: නහය පෙන්වා නහය දෙසට ඇගිල්ල යොමුකරන්න. මෙසේ ටික දවසක් කරන විට ඔහු/ඇය එය ඉගෙන ගනියි.


වයස මාස 9 දී
පොත් පෙරලීමට, වසා තිබෙන දේවල් ඇර බැලීමට ආසාවක් දක්වයි. පොතක පිටු පෙරලිමේදී දරුවාගේ පෙනීම සහ අතහි ක්‍රියාකාරිත්වය අතර සමායෝජනය (hand-eye coordination) වැඩි වෙයි.

වයස මාස 10 දී
සැගව තිබෙන දේවල් සොයාබැලීමට ආසාවක් දක්වන කාලයයි. උදා: යම් කුඩා සෙල්ලම් බඩුවක් පෙන්වා එය කොළයකින් හෝ පෙට්ටියකින් වසන්න. පසුව එය සොයා ගැනීමට උදවු කරන්න. ටික දවසක් යන විට ඔබේ උදවු නැතිව එය සොයාගැනීමට දරුවට හැකි වෙයි.


වයස මාස 11 දී
භාෂා පුහුණුව සදහා හොදම කාලයයි. ඔබට හැකි තරම් දරුවට කතා කරන්න. අවට ලෝකය පෙන්වන්න. මේ සදහා DVD හෝ TV භාවිත නොකරන්න.

Your Baby's Development
දරුවාගෙන් දරුවට වර්දනයේ වෙනස්කම් සිදු විය හැකියි. සමහරුන් ඉක්මනින් බඩගානවා, තවත් අය ඉක්මනින් කතා කරනවා. ඔබේ දරුවාගේ වර්දනයේ ලොකු පසු බෑමක් තිබේ නම් ළමා රෝග පිළිබද වෛද්‍යවරයෙකුගේ උපකාර පතන්න.


End Of Slideshow
තේරුණේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk