corona patient on ventilator

දිනෙන් දින කොරෝනා මරණ වැඩි වෙද්දී ඇත්තටම කොරෝනා වෛරස් ආසාදනය නිසා මරණයට පත් වන්නේ කොහොමද කියා ඔබත් කල්පනා කර ඇති.

මුලින් අපි බලමු Covid19 කියන්නේ මොකද්ද කියලා?

Covid 19 කියන්නේ අපගේ ස්වසන පද්දතියට ආසාදනය වන වෛරස් ආසාදනයක්. බොහෝවිට මෙම ආසාදනය භයානක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ස්වසන පද්දතියට බලපාන රෝගයක් නිසා ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව, උණ සහ කැස්ස ඇති කරනවා. නමුත් මෙම වෛරසය තවත් කෙනෙකුට බෝවීම ඉතා වේගයෙන් සිදු වෙනවා. ඒ වගේම අනිත් ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් ආසාදන වලට වඩා භයානක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න හැකියාව තියෙනවා.

ඇයි මේ වයසින් වැඩි සහ වෙනත් රෝග තියෙන අයට රෝගය උත්සන්න වෙන්න තියෙන හැකියාව වැඩි?

ඒක දැනගන්න වෛරසයක් අපේ ශරීරයට ඇතුලත් වූ විට වෙන දේ දැනගමු. වෛරසයක් ස්වසන පද්දතියට ඇතුළු වුණාම එයින් ස්වසන පද්දතියට හානි කරනවා. එවිට විවිධ රසායන ද්‍රව්‍ය (inflammatory mediators) එම ස්ථානයට එක්රැස් වෙනවා, එම රසායන ද්‍රව්‍ය මගින් මෙම වෛරසය විනාශ කිරීමට හෝ පැතිරීම වැලැක්වීම කරනවා. එසේම අපගේ ශරීරයෙන් මෙම ක්‍රියාව සමබරව කරනවා. ඒ කියන්නේ වැඩිපුර රසායන ද්‍රව්‍ය හදන්නේ නැහැ. මොකද එහෙම වුනොත් අපේ සාමාන්‍ය හොද සෛලත් විනාශ කරන්න පුළුවන්. එසේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය මගින් මෙම වෛරසය විනාශ කිරීමට වෙනම ක්‍රියාවලියක් පටන් ගන්නවා.
කොරෝනා වලදීත් වෙන්නේ ඒකම තමයි. නමුත් මෙහි ඉතා අධික වෛරස් ප්‍රමාණය නිසා අධික රසායනික ප්‍රමාණයක් නිකුත් කරනවා. නිරෝගී කෙනෙකුට එම අධික රසායනික ප්‍රමාණය දරාගන්න පුළුවන්. නමුත් වයසින් වැඩි කෙනෙක්ට හෝ වෙනත් අසනීපයක් තිබෙන කෙනෙක්ට එය දරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එවිට එම රසායනික ද්‍රව්‍ය මගින් ශරීරයේ වෙනත් අවයව වලට හානි කරන්න පුළුවන්. සමහර විට මුළු ශරීරයේම අවයව වල කර්තව්‍යන් එකවර නතර කරන (Multi organ failure) තරමටම වෙන්න පුළුවන්.

මරණය ගෙනදෙන්න තරම් ප්‍රබල ආසාදනයකදී බලපාන්නේ මොන අවයව වලටද?

ප්‍රධාන වශයෙන් පෙනහළු වලට බලපායි. එවිට එය කොරෝනා නිසා ඇතිවූ නියුමෝනියා තත්වයක් ලෙස හදුන්වයි. එසේම මෙය හෘදයට සහ මොලයටද බලපෑ හැක. හෘදයට බලපාන විට දැනටමත් නිරෝගී හෘදයක් නොවේ නම් එම බලපෑම දරාගත නොහැකි විය හැකියි. එසේම මොලයට බලපෑ විට ඉක්මනින් මරණය සිදුවිය හැක.

Covid 19 ආසාදනය නිසා හෘදයාබාද නැත්නම් heart attack ඇති වෙන්න හේතුවක්ද?
නැහැ. එහෙම වෙන්නේ නැහැ.

එමනිසා අපි ආරක්ෂා වෙන්න කරන්න ඕනේ මොකද්ද?

  1. අත්‍යවශ්‍ය කාරණයකදී හැරෙන්න අනිත් සෑමවිටම නිවසටම වී සිටින්න
  2. නිවසෙන් පිටවනවිට මාස්ක් එක නිවැරදිව දාගෙන යන්න – එවිට ඔබට වැළදීමට සහ ඔබෙන් අනිත් අයට වැළදීම අවම කරයි.
  3. පොදු ස්ථානයක සිටින විට ඔබ අසල සිටින කෙනා සමග අඩුම අඩි 4-6 ක්වත් ඇතීන් සිටින්න – මෙම වෛරසය පියඹන්නේ නැහැ. නමුත් හුස්මෙන්, කැස්සෙන් සහ කිවිසුම් යන විට ආසාදිත කෙනෙක්ගෙන් පිට වෙන්න පුළුවන්.
  4. නිතරම අත් සෝදන්න නැත්නම් 70% ඇල්කොහොල් ද්‍රාවනයකින් අත් පිරිසිදු කරගන්න – එවිට ඔබ ස්පර්ශ කරන ස්ථානයක මෙම වෛරසය තිබුනත් එය ඔබගේ ස්වසන පද්ධතියට ඇතුල් වීම වැළකෙයි.

නිවසෙන් එළියට යන ඔබ කොරෝනාව නිවසට රැගෙන එන්න එපා! මන්ද එයින් දුක් විඳින්නේ දැනටමත් වයස්ගතව පීඩා විඳින ඔබේ අසරණ දෙමව්පියන්ය.

Dosthara.com

sources

  • https://academic.oup.com/jid/advance-article/doi/10.1093/infdis/jiaa578/5904107
  • https://www.bbc.com/news/health-51214864

#reasons for corona death

Related Articles published previously

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk