කොරෝනා එහෙමත් නැත්නම් covid-19 කියන්නේ වෛරස් ආසාදනයක් ඒ නිසාම ඒ සදහා මේ බෙහෙත හොදයි කියල කියන්න බැහැ. මොකද සමාන්‍යයෙන් වෛරස් ආසාදන සදහා බෙහෙත් නැහැ, නමුත් සමහර වෛරස් අසාදන සදහා ඒක පාලනය කරන්න බෙහෙත් තියෙනවා. උදාහරණයකට පැපොල සදහා බෙහෙත් නැතත් ඒක හැදුනම දෙන බෙහෙත් වලින් පැපොල වැඩි වෙන එක වලක්වන්න පුළුවන්. ඒ වගේම පැපොල හැදෙන එක වලක්වන්න ඉන්ජෙක්ෂන් තියෙනවා. ඒ නිසා තමයි මේ වෙනකොට කොරෝනා සදහා බෙහෙත් සහ එන්නත් සදහා පරීක්ෂණ කරන්නේ.

නමුත් අපි මතක තියාගන්න ඕනා HIV වගේ වෛරස් ආසාදන සදහා තවම බෙහෙත් හෝ එන්නත් නැති බව. කොරෝනා සදහා සොයන ප්‍රතිකාර සාර්ථක වීම අපගේ බලාපොරොත්තුව වුනත්, එහෙම වුනේ නැත්නම් මොකක් වෙයිද? එහෙම වුනොත් යම් කාලයක් යනකන් විවිද රටවල් වල සහ ප්‍රදේශවල මේ අසාදනය විටින් විට ඇති වෙයි. එය වලක්වා ගන්න සමාජ දුරස්ථ බාවය, නිතර අත් සේදීම සහ මුඛ ආවරණ පැලදීම උදව් වෙයි.

කොරෝනා සදහා ප්‍රතිකාර ඇත්තේ අප ලගමයි.

දොස්තර.කොම්

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk