ඇසට බලපාන්න පුළුවන් රෝග ගැන ඔබ දන්නවාද? ග්ලුකෝමා, ඇස් ලෙඩ, ඇස් පිහාටු වල ඇතිවන්නාවූ ආසාදන, දුර දුෂ්ටිකත්වය, අවිදුර දුෂ්ටිකත්වය වගේ ඇසට බලපාන අසනීප ගැන දැනගන්න.
පහත slideshow එක බලන්න.

ඇසට බලපාන්න පුළුවන් රෝග ගැන ඔබ දන්නවාද?
ලොව වටා පුද්ගලයන් මිලියන 37 ක් අන්දතාවයෙන් පෙලෙන අතර, එයින් 90 % ක් සංවර්දනය වෙමින් පවතින රට වල ජිවත් වෙයි. අන්ධතාවයට හේතුවන දේවල් වලින් 70% ක්ම වලක්වාගත හැකි ඒවයි. අප මෙහිදී ඇසේ බහුලව දක්නට ඇති රෝග කිහිපයක් පිළිබදව දැනගනිමු.

මුලින්ම ඇසේ ව්‍යුහය දැනගමු
රුපයේ පෙන්වා ඇති ආකාරයට ඇස විවිද කොටස් වලින් සමන්විතයි. එහි එක් එක් කොටසේ ඇතිවන ගැටළු පිළිබද අපි දැනගමු.

Glaucoma (ග්ලුකෝමා)
ග්ලුකෝමා යනු අපේ ඇසේ දෘෂ්ටි ස්නායුවට හානි කර, අන්ද තාවයට පත්කළ හැකි රෝගී තත්වයක්. මෙය සිදු වන්නේ ඇසේ අභ්‍යන්තරයේ පීඩනය (intra-ocular pressure) වැඩි වීම නිසයි. ග්ලුකෝමා වර්ග කිහිපයක් ඇත. එනම්, open-angle ග්ලුකෝමා සහ angle-closure ග්ලුකෝමා වෙයි. open-angle ග්ලුකෝමා කාලයක් තිස්සේ වර්දනය වන අතර ඇසේ කැක්කුමක් නැතිව මෙය තිබිය හැක. angle-closure ග්ලුකෝමා තත්වයේදී හදිසියේම ඇතිවන ඇසේ කැක්කුමත් සමග ඇස රතුවිය හැක. මේ සදහා ප්‍රතිකාර ඇති අතර එමගින් ඇසට වන හානිය වලක්වා ගත හැක.

Cataracts (ඇසේ සුද ඇතිවීම)
අපගේ ඇසේ කාචයට බලපාන්නාවූ මෙම තත්වය අවසානයේ අන්ද තාවයට මගපාදයි. මෙය බොහෝවිට වයසත් සමග සිදුවන අතර, ඊට අමතරව දියවැඩියාව සහ ඇසට සිදුවන හානියක් නිසා ඇතිවිය හැක. මේ පිලිබදව වැඩිදුර කියවන්න, click කරන්න.

Conjunctivitis (Pink Eye) එහෙමත් නැත්නම් ඇස් ලෙඩ
මෙලෙස හදුන්වන්නේ ඇසේ සුදුපාටට තිබෙන පටකයහි ඇති වන ප්‍රදාහයටයි. මෙය බොහෝවිට වෛරස් අසාදන නිසා සිදුවන අතර එසේම බැක්ටීරියා අසාදන නිසාත් අසාත්මිකතා නිසාත් සිදුවෙයි. මෙය බොහෝවිට කුඩා ළමුන් අතර බොහෝවිට දක්නට ලැබෙන අතර, ඉතා ඉක්මනින් කෙනෙකුගෙන් කෙනෙකුට බෝවෙයි. මෙය පැතිර යන්නේ, රෝගියකුගේ ඇසෙන් ගලන ශ්‍රාවය තවත් කෙනෙකුගේ ඇස්වල තැවරීමෙනි. මෙහිදී ඇසෙන් කහ පාට කබ පිටවන අතර, උදේට ඇස අරින්න බැරි තරම් කබ දැකිය හැක. ඔබගේ පවුලේ වෛද්‍යවරයා මේ සදහා eyedrops නිර්ණය කල හැක. ඇස පිරිසිදු ජලයෙන් සේදිය හැක, නමුත් කිසිම විටක ඇසට වෙන කිසිම දියරයක් දමන්න එපා.

Uveitis
ඇසේ uvea ලෙස හදුන්වන ස්තරය ප්‍රදාහයට ලක්වීමෙන් මෙම තත්වය ඇති වෙයි. මෙහිදී ඇස රතුවී, නිතර කසන ගතියක්ද, අදික කැක්කුමක්ද දැනෙන අතර පෙනීමේ වෙනසක්ද ඇති වෙයි, මෙය ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු තත්වයකි.

Sty (Stye) නගනය
ඇස් පිහාටු වල ඇතිවන රතුපැහැති, අල්ලුවිට රිදෙන, ඉදිමීමක් මෙලෙස හදුන්වයි. මෙයට හේතුව ඇස් පිහාටුවල ඇති ග්‍රන්ථි ආසාදනයට ලක්වීම නිසයි. පසුව ඇස කෙවෙන ගතියක් දැනෙන අතර නගනය ඇති තැන කහ පති බිබිලක් දැකිය හැක.

Blepharitis
Blepharitis යනු ඇස් පිහාටු වල ඇතිවන්නාවූ ආසාදනයකි. මෙහිදී ඇසේ යමක තිබෙනවා සේ ඇස නිතර කැවෙන බවක් දැනෙයි, ඇස් පිහාටු වල ඉදිමීමක් සහ රතු වීමක්ද, ඇස් පිහාටු වල කබද දක්නට ඇත.

Corneal Ulcer
Cornea එහෙමත් නැත්නම් ඇසේ සුදුපාටට පෙනෙන සිවියහි තුවාල ඇතිවිය හැක. එයට හේතුව වන්නේ ඇසේ ඇතිවිය හැකි බැක්ටීරියා, වෛරස් හෝ දිලිර අසාදන හේතුවෙනි. රෝග ලක්ෂණ වන්නේ ඇස් රතුවීම, කැක්කුම, පෙනීම අඩුවීම, ඇසේ අළුපාට ලප. මෙය ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවකි.

Diabetic retinopathy
මෙය දියවැඩියාව නිසා ඇතිවන සංකුලතාවයකි. මෙහිදී දෘෂ්ටිවිතනයේ රුධිර වාහිනී වලට වන හානිය නිසා දෘෂ්ටිවිතනයට රුධිරය අඩු වෙයි. මෙය මුලින් හදුනා ගතහොත් අන්දභාවය වලක්වාගත හැක. ඔබත් දියවැඩියාව ඇති පුද්ගලයෙක්ද? එසේනම් අදම ඔබේ ඇස් පරික්ෂකරගන්න.

Strabismus (වපරය)
වපරය යනු යම් වස්තුවක් දෙස බැලීමේදී ඇස් දෙකෙන්ම එය දෙස නාභිගත කිරීමට ඇති නොහැකියාවයි. මෙහි භයානක තත්වය වන්නේ, මෙය කුඩා ළමයින්ට ඇතිවිට, ඔවුන්ගේ මොලය විසින් වපරය ඇති ඇසෙන ලැබෙන දුෂ්ටි පණිවිඩ නොසලකා හැරීමයි. පසු කාලීනව එම ඇසෙන් පෙනීම දුර්වල වෙයි. ඔබගේ දරුවටත් වපරයක් ඇත්නම්, ඒ සදහා ප්‍රතිකාර ගන්න.

Eye floaters
ඇසේ යමක පාවෙනවා සේ ඔබට පෙනී ඇද්ද? එය Eye floaters නමින් හදුන්වයි. ඒවා රුපයේ ආකාරයට විවිද හැඩවලින් යුක්තයි. මෙය වයසත් සමග සිදුවන වෙනස්වීමකි, එය රෝගී තත්වයක් නොවෙයි. නමුත් එය අදික ලෙස තිබෙනවිට වෙනත් රෝග සමග සම්බන්දයක් තිබිය හැක.

Farsightedness (hyperopia) දුර දුෂ්ටිකත්වය
දුර දුෂ්ටිකත්වය යනු දුර තිබෙන වස්තුන් හොදින් පෙනුනත් ලග ඇති වස්තුන් බොද වී පෙනීමයි. මෙය වයසත් සමග වැඩි වෙයි. වයස අවු. 65 ට වැඩි අයගෙන් 50% කට වඩා මෙම තත්වය ඇත. ප්‍රතිකාරයක් ලෙස උපැස් පැලදීම, contact lenses, සහ refractive surgery යොදා ගනියි.

Nearsightedness (Myopia) අවිදුර දුෂ්ටිකත්වය
අවිදුර දුෂ්ටිකත්වය යනු ලග තිබෙන වස්තුන් හොදින් පෙනුනත් දුර ඇති වස්තුන් බොද වී පෙනීමයි. මෙය ජනගහනයෙන් 20%-30% ක ප්‍රමාණයකට ඇත. මෙය පහසුවෙන්ම උපැස් පැලදීමෙන්, contact lenses, සහ refractive surgery මගින් මග හරවා ගතහැක.

Astigmatism
Astigmatism යනු බොදවී පෙනීමයි. මෙය බොහෝ අයට යම් ප්‍රමාණයකින් තිබිය හැක. උපැස් පැලදීමෙන් හෝ contact lenses මගින් මෙය මග හරවා ගතහැක. එසේම ලේසර් ප්‍රතිකාරයද යොදා ගනුලැබේ.

Color Blindness (වර්ණ අන්ධතාව)
ඇසේ වර්ණ හදුනා ගැනීමට ඇති සෛල වල දුර්වලතාවයක් නිසා යම් වර්ණ හදුනා ගැනීමට ඇති අපහසුතාවය මෙසේ හදුන්වයි. ඒ පිළිබද වැඩිපුර දැනගන්න රුපයේ click කරන්න.

Proactive Eye Health
නිරෝගී දිවියක් ගතකරන්න, අපගේ ඇස් නිරෝගිව තබා ගැනීම ඉතා වැදගත්ය. මේ සදහා ඇසට බලපාන පොදු රෝග ගැන දැනසිටීම වැදගත්ය. ඔබට කිසිම රෝග ලක්ෂණයක් නැති වුවත් වයස අවු. 40 ට පසු අවු.2කට සැරයක් ඇස් පරික්ෂ කරගන්න.