පියයුරු පිළිකා ගැන අපගේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න එය මුල් අවස්ථාවේදී හදුනාගන්න පහසු වෙනවා. පියයුරු පිළිකා වලට තියෙන ප්‍රතිකාර මොනවාද? හදුනාගන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න මේ slideshow එක බලන්න.

පියයුරු පිලිකා
මිට වසර 20 කට පෙර තිබු තත්වයට වඩා අද වන විට පියයුරු පිලිකා නිසා මරණයට පත්වන ප්‍රමාණය අඩු වී ඇත. එයට හේතුවී ඇත්තේ මේ පිලිබදව ජනයා අතර ඇති අවභෝදය, මුලින් හදුනා ගැනීමට හා ප්‍රතිකාර ක්‍රම වල ඇති නව සොයාගැනීම්ය. සම වසරකම ඇමරිකාවේ පමණක් පියයුරු පිලිකා රෝගීන් 200,000 පමණ හදුනා ගැනෙයි.

පියයුරු පිලිකාවල රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොමැත. සමහරවිට කාන්තාවන් තමන් විසින්ම සොයා ගනියි. සැකකළ යුතු රෝග ලක්ෂණ වන්නේ,
- කැක්කුමක් හෝ රිදීමක් නොමැති පියයුරුවල ගැටිත්තක්.
- පියයුරුවල හැඩයේ හෝ ප්‍රමාණයේ වෙනස්වීමක්.
- කිහිල්ලේ ඇතිවන ඉදිමීමක්.
- තනපුඩුවෙන් දියරයක් පිටවීම හෝ වෙනස්වීමක්.
පියයුරු වල ඇතිවන කැක්කුම සමහරවිට රෝග ලක්ෂණයක් විය හැකි නමුත්, එය කලාතුරකින් දකියි.




Inflammatory Breast Cancer වල රෝග ලක්ෂණ
මෙය කලාතුරකින් දක්නට ලැබෙන, ඉතා ඉක්මනින් පැතිරෙන පිළිකාමය තත්වයක් වන අතර පියයුරු වල ගැටිත්තක් දැකගත නොහැක. ඒ වෙනුවට පියයුරු වල සම රතුවී, ගණකමින් වැඩිවී, සමේ කුඩා වලගැසුණු ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එම ස්ථාන තදවූ විට කැක්කුමක් ඇතිවෙයි.


පියයුරු පිලිකා සහ මැමෝ ග්‍රෑම්
පියයුරු පිලිකා මුලින්ම හදුනා ගත්විට ප්‍රතිකාර කිරීමද පහසුය. මැමෝ ග්‍රෑම් පරීක්ෂණය මගින් ඉතා මුල් අවදියේ පියයුරු පිලිකා හදුනා ගත හැක. ගැටිත්තක් ඇතිවීමට පෙර පවා හදුනා ගත හැක. වයස අවු. 40 ට වැඩි කාන්තාවන් සදහා වාර්ෂිකව මෙම පරීක්ෂණය අනුමත කරන අතර, වයස 50 ට වැඩි කාන්තාවන්ට වසරකට දෙවරක් American Cancer Society මගින් අනුමත කරයි.

Ultrasound ස්කෑන් සහ MRI පරීක්ෂණ
පිළිකාමය නොවන තත්වයන් හදුනා ගැනීමට Ultrasound ස්කෑන් උපකාරවත් වෙයි. පියයුරු පිලිකා සදහා වැඩි අවදානමක් ඇති කාන්තාවන්ට මැමෝ ග්‍රෑම් සහ MRI පරීක්ෂණ නියම කල හැක.

පියයුරු පරික්ෂාව
පියයුරු වල සිදුවන කුමන හෝ සුළු වෙනස්වීමක් ගැන සැම කාන්තාවක්ම සැලකිලිමත් විය යුතුයි. එය පිලිකා මුලින් හදුනා ගැනීමට උපකාරී වෙයි.


පියයුරු වල ගැටිත්තක් තිබුනොත්
කලබල වෙන්න එපා. පියයුරු වල ඇතිවන ගැටිති වලින් 80%ක්ම පිළිකාමය නොවන ඒවායි. නමුත් ඔබගේ පියයුරු වල ඇතිවන වෙනස්වීම වෛද්‍යවරයකු මගින් පරික්ෂාකර ගත යුතුයි, මන්ද පිළිකාමය අවස්ථාවක් මුලින් හදුනාගැනීම මගින් එය සුවකරගත හැකියි.

පියයුරු Biopsy
පියයුරු වල ගැටිති පිලිකාමයද නැද්ද යන්න හරියටම දැනගැනීම සදහා කරන පරීක්ෂණයයි. මෙහිදී සැක සහිත ගැටිත්තෙන් කුඩා කොටසක් පරික්ෂා කර බලයි. පිළිකාවක් නම් කුමන ආකාරයේ පිළිකාවක්ද යන්නත් දැනගත හැකියි.

හෝමෝන වලට සංවේදී පියයුරු පිලිකා
සමහර පියයුරු පිලිකා වර්දනය සදහා ඉස්ට්‍රජන් හා ප්රෝජස්ටරන් හෝමෝන අවශ්‍යයි. මේවා ER-positive හෝ PR-positive ලෙස බයොප්සි වාර්තාවෙන් ලබා දෙයි. පියයුරු පිලිකා 3 කින් 2කක් පමණ හෝමෝන වලට සංවේදී පියයුරු පිලිකා වෙයි.

HER2-Positive පියයුරු පිලිකා
20% ක් පමණ පියයුරු පිලිකා රෝගීන්ගේ HER2 ලෙස හදුන්වන ප්‍රෝටීනය තිබෙයි. එවිට එය HER2-Positive පියයුරු පිලිකා ලෙස හදුන්වයි. මෙම පිලිකා අනිත් ඒවාට වඩා ඉක්මනින් ශරීරය පුරා පැතිරෙයි. මෙම පිලිකා සදහා ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙයි.

පියයුරු පිලිකාවල විවිද අවස්ථාවන්
පියයුරු පිළිකාවක් හදුනාගත් පසු වැදගත්ම කාරණය වන්නේ, එය කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි සොයා බැලීමයි. එය Stages 0 සිට 4 දක්වා වර්ග කර ඇත. මෙහිදී පිළිකාව, පියයුරු වල පමණද හෝ අවට අවයව වලටත් පැතිරී ඇත්දැයි සොයා බලයි. ඒ අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙයි. Stage 4 හදුනාගත් අයගෙන් 20% ක් පමණක් අවු.5 කට වඩා වැඩි කලයක් ජිවත් වෙයි.


පියයුරු පිලිකා සදහා සැත්කම
මේ සදහා විවිද වර්ගයේ සැත්කම් ඇත. එය කුඩා ගැටිත්තක් ඉවත් කිරීමේ (lumpectomy or breast-conservation surgery) සිට සම්පුර්ණ පියයුරුවම ඉවත් කිරීම (mastectomy) දක්වාම පැතිරෙයි.

Radiation Therapy
මෙහිදී යොදා ගන්නා කිරණ මගින් පිලිකා සෛල විනාශ කර දමනු ලබයි. එය සමහරවිට සැත්කමෙන් පසු ඉතිර වී ඇති පිලිකා සෛල විනාශ කිරීමටත්, chemotherapy සමගත් පාවිච්චි කරනු ලබයි.

Chemotherapy
කිමෝ ප්‍රතිකාර ක්‍රමයේදී බෙහෙත් වර්ග මගින් පිලිකා සෛල විනාශ කරනු ලබයි. බොහෝ විට මෙම බෙහෙත් කෙලින්ම රුධිරයට ලබා දෙන අතර, සමහරවිට බොන බෙහෙත් ලබා දෙයි. සැත්කමින් පසු පිලිකා සෛල නැවත මතුවීම වැලක්වීමට මෙය යොදා ගනියි. අතුරු පලයක්‌ ලෙස කොණ්ඩය ගැලවී යාම, වමනය, ඔක්කාරය, වෙහෙසකාරී බව තිබිය හැක.


පියයුරු පිලිකා සදහා හෝමෝන ප්‍රතිකාර
හෝමෝන ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනු ලබන්නේ ER-positive හෝ PR-positive පිලිකා සදහායි. සමහර පිලිකා වලට ඉස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිසා වර්දනය වැඩි වෙයි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී මෙය වලක්වයි. මෙය බොහෝ විට සැත්කමින් පසු පිලිකාව නැවත පැමිණීම වැලකීම සදහා භාවිතා කරයි.

Targeted Drugs for Breast Cancer
මෙම නව ප්‍රතිකාර ක්‍රම, පිලිකා සෛල වලට පමණක් විනාශ කරයි. උදා: HER2-Positive පියයුරු පිලිකා වල HER2 ප්‍රෝටීන නිපදවීම වලක්වා පිලිකා වර්දනය අඩු කරයි. මේවා බොහෝවිට chemotherapy සමග භාවිතා කරයි.


පිළිකාව දැනගත් පසු ජීවිතය
ඔව්, පිළිකාවක් ඔබේ ජීවිතය වෙනස් කරන අද්දැකීමක් විය හැක. ඔබට වෙනද කල දේවල් කිරීමට නොහැකිවිය හැක. ඔව්, තනි වෙන්න එපා. ඔබගේ යහළුවන්, පවුලේ අයගේ උපකාර ලබාගන්න දෙවරක් හිතන්න එපා.

පියයුරු ප්‍රතිනිර්මාණය
පියයුරු පිළිකාවක් නිසා පියයුරු සම්පුර්ණයෙන් ඉවත්කළ විට reconstructive සැත්කමක් තෝරා ගත හැක.


පියයුරු පිලිකා - ඇයි මටම
පියයුරු පිලිකා සදහා වැදගත්ම සාධකය වන්නේ කාන්තාවක් වීමයි. පිරිමි අයට හැදෙන්නේ නැද්ද? ඔව්, හැදෙන්න පුළුවන්. නමුත් එය 100 ගුණයකින් අඩුයි. කාන්තාවකට නම්, වයස 55 ට වඩා වැඩි වීම, පවුලේ වෙනත් කෙනෙකුට පියයුරු පිළිකාවක් තිබීම අවදානම වැඩි කරයි.

පියයුරු පිලිකා වලට ජානවල බලපෑම
සමහර කාන්තාවන්ට පියයුරු පිළිකාවන් ඇතිවීමට ඉතා වැඩි අවදානමක් ඇත. එයට හේතු වන්නේ ජානමය බලපෑමයි. BRCA1 සහ BRCA2 ජාන වල වෙනස්කම් තිබෙන අයට තම ජිවිත කාලයේදී පියයුරු පිළිකාවක් ඇතිවීමට 80% ක පමණ සම්භාවිතාවයක් ඇත.


Breast Cancer Research
නව ප්‍රතිකාර ක්‍රම තවදුරටත් සොයාබලමින් සිටියි. පියයුරු පිලිකා වලින් තම ජීවිතය බේරාගත් සැමදෙනාම මේ සදහා මුදල් සෙවීමට වැයමක් දරමින් සිටියි.

End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk