Acquired immune deficiency syndrome or acquired immunodeficiency syndrome (AIDS) යනු අපගේ ප්‍රතිශක්ති කරන පද්දතියට බලපාන්නාවූ රෝගයක් වන අතර ඒ සදහා බලපාන්නාවූ වෛරසය HIV (human immunodeficiency virus) ලෙස හදුන්වයි.

2018 ජූනි මාසය වන විට HIV / AIDS ආසාදිතයන් ලොව පුරා මිලියන 37 ක් පමණ ජීවත්වන බව වර්තාගත වී තිබේ.

එඩ්ස් රෝගය වැළඳෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙනි. මත් ද්‍රව්‍ය, එන්නත් මගින් ලබාගන්නා අය ද, එසේම රුධිර පාරවිලයනය මගින්ද රෝගයට ගොදුරු විය හැකිය. එසේම ගර්භනී කාලයේදී මවගෙන් දරුවට සම්ප්‍රේෂණය විය හැකි අතර මවුකිරි මගින්ද විය හැක.

මෙම රෝගීන් බොහෝ දුරට මිය යන්නේ අඩපනවූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා එතරම් බරපතල නොවූත් වෛරස්, බැක්ටීරියා, දිලිර සහ පැරසයිට් අසාදන ඉතා භයානක ලෙස ශරීරය අඩපන කරන නිසාවෙන් වන අතර එඩ්ස් රෝගයම නිසා නොවෙයි.

රුධිර පරීක්ෂාවක් මගින් වෛරසය හදුනා ගත හැකිද?
ඔවි. ඒ සදහා කරන රුධිර පරික්ෂාව anti-HIV antibody (IgG and IgM) test හෝ HIV p24 antigen test ලෙස හදුන්වයි. නමුත් වෛරසය ඇගට ඇතුළු වී මුල් සති කිහිපයක් ඇතුලත මෙම පරික්ෂාව කිරීමෙන් එය හදුනා ගත නොහැකිවීමට ඉඩ ඇත.(window period)

එඩ්ස් සුව කල නොහැක. එමනිසා රෝගය පැතිරීම වලක්වා ගැනීම හැර කල කිසිවක් නොමැත. තම ලිංගික සම්බන්ධතාවය එක් සහකරුවෙකුට හෝ සහකාරියකට සීමා කරන්න. එසේ නොමැති සම විටම උපත් පාලන කොපු පාවිච්චි කරන්න.

එඩ්ස් රෝගියෙකු සමග කටයුතු කිරීමේදී ..
රෝගියකුට අතට අතදීමෙන්, සිප වැළඳ ගැනීමෙන්, ආසාදිත අයකු පාවිච්චි කළ පිඟන් කෝප්ප පාවිච්චි කිරීමෙන්, මදුරුවන්, මකුණන් දෂ්ඨ කිරීමෙන්, කැස්ස, කිවිසුම මගින්සාමාන්‍ය ජන ජීවිතයේ සිදුකරනු ලබන ඇසුරු කිරීම් මගින් රෝගය බෝ නොවන නිසා HIV ආසාදිතයකු සාමාන්‍ය පරිදි ඇසුරු කිරීමට බිය විය යුතු නැත.

තව දැනගන්න දෙයක් තියෙනවද? අපෙන් අහන්න.

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk