උපත් පාලනය (Birth control) සදහා ඔබ තෝරාගත යුත්තේ කුමක්ද යන්න ඔබටත් ගැටළුවක් වෙන්න ඇති. ඔබට සාර්ථකම ක්‍රමය මොකද්ද කියා තීරණය කල යුත්තේ ඔබයි. මෙම Slideshow එක ඒ සදහා ඔබට උදව් වෙයි.

උපත් පාලනය - තීරණය කරන්නේ කොහොමද?
උපත් පාලනය සදහා ඇති ක්‍රම රාශිය නිසාම, ඔබ තෝරාගත යුත්තේ කුමක්ද යන්න ඔබටත් ගැටළුවක් වෙන්න ඇති. මුලින් ඔබට උපත් පාලනයෙන් අවශ්‍ය කුමක්ද යන්න අවබෝධ කරගත යුතුයි. සමාජ රෝග සදහා ආරක්ෂාවක් ඔබ බලාපොරොත්තු වෙනවාද? එය කොතරම් සාර්ථකද? යන්න සලකා බැලිය යුතුයි. අපගේ ඊලග රුපරමු වලින් උපත් පාලන ක්‍රම ගැන සලක බලයි.

ස්වභාවික උපත් පාලනය
මෙය එතරම් සාර්ථක ක්‍රමයක් නොවන අතර, මෙහිදී සරු කාලය ගණනය කර එම කාලය තුල ලිංගිකව එකතුවීමෙන් වළකියි. සරු කාලය ගණනය කිරීමට‍ සැම මසකම ආසන්න වශයෙන් නියමිත දිනයට ඔසප්වන චක්‍රයක් තිබිය යුතුයි. මෙසේ පසුගිය මස 6 ක පමණ කාලයේ ඔසප්වූ දින ගණන්හි සාමාන්‍ය අරගන්න.දැන් එය දෙකෙන් බෙදන්න. එම දිනයට දින 7 කට පෙරත්, දින 5 කට පසුත් කාලය සරු කාලයයි. ඊලග රුපරාමුවේ උදාහරණය බලන්න.

ස්වභාවික උපත් පාලනය #2
උදා - ඔබට දින 28 සාමාන්‍ය ඔසප් චක්‍රයක් ඇතිනම්, මාර්තු මස 1 වැනි දින ඔසප්වීම වුවා නම් ඊළගට ඔබට ඔසප් වීමට ඇත්තේ මාර්තු මස 28 දිනයි. එය ලකුණු කර ගන්න. දැන් එහි මාධ්‍ය අගය, එනම් 14 වන දින ලකුණු කරගන්න. එම දිනට දින 7 කට පෙරත් දින 5 කට පසුත් කාලය, එනම් මාර්තු 7 වෙනිදා සිට මාර්තු 19 වෙනිදා දක්වා කාලය සරු කාලයයි. එම කාලය තුල ලිංගිකව එක්වීමෙන් වැළකිය යුතුයි.


Spermicide
මෙය ශුක්‍රානු විනාශ කරන්නාවූ රසායන ද්‍රව්‍යයි. මේවා ලිංගිකව එකතුවීමට පෙර යෝනි මාර්ගයේ තවරනු ලබයි. මෙමගින් සමාජ රෝග සදහා ආරක්ෂාවක් නොලැබේ.

පිරිමින් සදහා ඇති උපත් පාලන කොපු
මෙමගින් ශුක්‍රානු යෝනි මාර්ගයට ඇතුළුවීම වලක්වයි. එසේම ලිංගිකව බෝවන රෝග වලින්ද ආරක්ෂා කරයි.

කාන්තාවන් සදහා ඇති උපත් පාලන කොපු
පිරිමින් සදහා ඇති උපත් පාලන කොපු තරම් ප්‍රචලිත නැත. මෙය යෝනි මාර්ගයට ඇතුළු කරන ලබන ප්ලාස්ටික් වලින් සාදා ඇති පැසක් වැනි දෙයකි.


එතරම් ප්‍රචලිත නොවන වෙනත් ක්‍රම
Diaphragm, Cervical Cap, Birth Control Sponge වැනි වෙනත් ක්‍රම තිබෙන අතර, මේවා එතරම් ප්‍රචලිත නැත.


උපත් පාලන පෙති
ඉතා ප්‍රචලිත උපත් පාලන ක්‍රමයකි. නිවැරදිව සැම දිනකම පෙති පානය කල යුතුයි. මෙහි ඉස්ට්‍රජන් සහ පොජස්ටරන් යන හොමන ඇති අතර එමගින් ඩිම්බ පිටවීම වලකයි. සමහර විට කලාතුරකින් පියයුරු වල තද ගතියත්, අධිරුධිර පීඩනය, යෝනි මාර්ගයෙන් ලේ කැට ලෙස පිටවීම අතුරු ප්‍රතිපල ලෙස දැකිය හැක.

ඩිපෝ-ප්‍රොවේරා එන්නත්
මෙම එන්නත මගින් සති 12 ක (මාස 3 ක) පමණ කාලයකට බලපවත්වෙයි. ඉතා සාර්ථක උපත් පාලන ක්‍රමයකි. කලාතුරකින් රුධිරය වැඩිපුර පිටවීම අහිතකර ප්‍රතිපලයක් ලෙස දක්නට ලැබේ.

Birth control implant (Implanon)
මෙය ගිනිකුරක්‌ තරම් පමණ වන එය අතේ සමට යටින් තැන්පත් කරයි. මෙමගින් අවු.3 ක් පමණ කාලයකට උපත් පාලනයක් ලැබෙයි. කලාතුරකින් කාලෙන් කාලෙට යෝනි මාර්ගයෙන් රුධිර ගැලීමක් තිබිය හැක.

Intrauterine device හෙවත් ලූප්
මෙය T අකුරක හැඩය ගන්න ප්ලාස්ටික් කොටසක් වන අතර, මෙය වෛද්‍යවරයෙකු විසින් ගර්භාශයේ තැන්පත් කරනු ලබයි. Mirena ලූප් අවු. 5 කට පමණ කාලයකට උපත් පාලනයක් ලබා දෙයි. copper IUD අවු. 12 කට පමණ කාලයකට උපත් පාලනයක් ලබා දෙයි. මෙය ඇතුල් කල මුල් දවස් වල යෝනි මාර්ගයෙන් රුධිර ගැලීමක් දැකිය හැක.

Tubal Ligation (පැලෝපිය නාල ගැටගැසීම)
මෙහිදී කුඩා සැත්කමකින් පැලොපිය නාල ගැටගසයි. මෙය ස්ථිර, එහෙමත් නැත්නම් නැවත වෙනස් කල නොහැකි උපත් පාලන ක්‍රමයකි.

Vasectomy
උපත් පාලන කොපු හැරුණු විට පිරිමින් සදහා ඇති අනිත් උපත් පාලන ක්‍රමයයි. මෙහිදී කුඩා සැත්කමකින්, වෘෂණ කෝෂයේ සිට පිටතට ශුක්‍රානු ගෙන එන වාහිනිය ගැටගසා කපා දමයි. මෙය ස්ථිර, එහෙමත් නැත්නම් නැවත වෙනස් කල නොහැකි උපත් පාලන ක්‍රමයකි.

Emergency Contraception
මෙය භාවිත කරන්නේ, උපත් පාලන ක්‍රමයක් අනුගමනය නොකර සංසර්ගයේ යෙදීමෙන් පසු ගර්භනී වීම වැලක්විමටයි. මෙය සංසර්ගයේ යෙදී පැය 72ක් ඇතුලත ගත යුතුයි. මෙය නිතර නිතර පාවිච්චි නොකල යුතුයි.

Least Effective Methods
උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන, ලිංගිකව ක්‍රියාකාරී යුවලයන්ගෙන් 85% පමණ පළමු වර්ෂයේදී ගර්භණී වෙයි.

වඩාත්ම සාර්ථක ක්‍රමය මොකද්ද?
එය පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට වෙනස් වෙයි. නවක යුවලන් බොහෝ විට උපත් පාලන පෙති භාවිතා කරමින් ගර්භණී වීම තාවකාලිකව කල්දැමුවද, විවාහක දරුවන් සිටින යුවලයන් ලූප්, implant වැනි ක්‍රමයන් භාවිතා කරමින් වැඩි කාලයක් සදහා උපත් පාලනයක් සිදු කරන්න තීරණය කල හැක.

End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk