Migraine

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද? ඉරුවාරදය ඇතිවීමට හේතු වන දේවල් 9ක් ගැන දැනගන්න. පහත අපගේ slideshow එක බලන්න.

හිසරදය. ඒ ඔබේ ආයතන ප්‍රදානියද?
ඔව්. ඔබේ ආයතන ප්‍රදානියා හිසරදයක් විය හැකියි.
නමුත් අපි මේ කතාකරන්න යන්නේ එහෙම දෙයක් නෙමෙයි.
අපි කතාකරන්න යන්නේ මිග්‍රෙන්(migraine) ලෙස හදුන්වන දිගුකාලින හිසරදයයි.

Migraine වලට හේතු
1. කාලගුණික වෙනස්වීම් හිසරදයට හේතුවක් විය හැකියි.

Migraine වලට හේතු
2. අදික සුවදක් ඇති දේ හිසරදය ඇතිවීමට හේතු විය හැකියි. උදාහරණයකට: සුවද විලවුන්, තීන්ත වර්ග සහ සමහර මල් වර්ග වෙයි.


Migraine වලට හේතු
3. ඉතා අදික ව්‍යායාම් හේතු විය හැකියි. උදාහරණ: jogger's headache and sex headache


Migraine වලට හේතු
4. වැරදි ඉරියව්ව හිසරදයට හේතු විය හැක.


Migraine වලට හේතු
5. චීස් (cheese) හිසරදය ඇතිවීමට හේතුවක් විය හැක. මෙයට හේතුව චීස් වල ඇති tyramine නම් රසායන ද්‍රව්‍යයයි. චීස් පරණ වෙන්න පරණ වෙන්න tyramine ප්‍රමාණය වැඩි වෙයි.


Migraine වලට හේතු
6. රතු වයින් හිසරදය ඇතිවීමට හේතුවක් විය හැක. මෙයටත් tyramine සහ වයින් වල වෙනත් රසායන ද්‍රව්‍යය හේතු වෙයි.


Migraine වලට හේතු
7. ආහාර අනුභව නොකර සිටීම හිසරදයට හේතු විය හැක. මෙයට හේතුව රුධිරයේ සිනි ප්‍රමාණය අඩු වීමයි.

Migraine වලට හේතු
8. දුම්පානය කිරීම හිසරදයට හේතුවකි. ඔබ කෙලින්ම දුම්පානය කිරීම පමණක් නොව දුම්පානය කරන්නෙක් ලග සිටීමෙන්ද මෙය විය හැක. මෙයට හේතුව නිකොටින් මගින් අපේ මොලයට රුධිරය ගෙනයන නාල තාවකාලිව සිහින් කිරීමයි.


Migraine වලට හේතු
9. Caffeine සාමාන්‍ය ප්‍රමාණ වලින් ප්‍රයෝජනවත් වුනත්, අදික ලෙස කොපි පානය කිරීම හිසරදයට හේතුවකි. ඔබ දැනටමත් සාමාන්‍ය ප්‍රමාණයෙන් කෝපි පානය කරන්නෙක් නම්, එය නැවත්විමද හිසරදයට හේතුවෙයි.  Caffeine - can not live with it, can not live without it.


හේතුව ඔබම සොයා ගන්න
හිසරදයට හේතුව කුමක්ද යන්න ඔබම සොයා ගතහොත් එය වලක්වා ගැනීමද ඔබටම කල හැක. එමනිසා සැම දිනකම ඔබ කන බොන දේවල්, කාලගුණයේ වෙනස්කම්, සහ දිනචර්යාවේ සිදු වන වෙනස් කම් සටහන් කරන්න. හිසරදය පැමිණෙන්නේ කුමන දෙයකටද යන්න ඔබම වටහා ගන්න.


පාලනයෙන් යුතු ව්‍යායාම
හිසරදය අඩු කර ගැනීමට පාලනයෙන් යුතු ව්‍යායාම උපකාරී වෙයි.


ආහාරවේල් අතපසු කරන්න එපා!
ආහාරවේල් අතපසු නොකිරීම, රුධිරයේ සිනි මට්ටම අඩු නොවී තබාගැනීමට උපකාරී වන අතර එමගින් හිසරදය පාලනය කරගත හැක.


Medication
පැරසිටමෝල්, ඇස්ප්‍රින් වැනි ඖෂද හිසරදය වලක්වා ගැනීමට උපකාරී වන අතර, එම ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වයි නම් වෛද්‍ය උපකාර පතන්න.

මතක තබා ගන්න.
ඔබගේ හිසරදය --> උණ, පෙනීමේ දුර්වලතා, ඇවිදීමේ අපහසුතා, සහ වලිප්පුව වැනි දේ හා සම්බන්ද නම වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.


End of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න.
මෙතන click කරන්න
Dosthara.com / Dosthara.lk

 

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk