Psoriasis

සොරයිසිස් කියන සමේ රෝගය ගැන ඔබ දන්නේ මොනවාද? ප්‍රතිකාර තිබෙනවද? ඒ ගැන දැනගන්න අපගේ පහත slideshow එක බලන්න.

සොරයිසිස් කියන්නේ මොකද්ද?
සොරයසිස් යනු කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවන්නා වූ සමේ රෝගයකි. මෙහිදී සිදුවන්නේ, සමේ සෛල අධික වර්දනයකට ලක්වීම නිසා සමහි රතු පැහැති, වියලි, ගනකමින් වැඩි ස්ථාන දක්නට ලැබීමයි. එහිදී දණහිස, වැලමිට සහ හිස්කබල ප්‍රධාන තැනක් ගනියි.

හැදෙන්න පුළුවන් කාටද?
සොරයිසිස් රෝගයෙන් පෙලෙන්නන් මිලියන 125 ක් පමණ ලොව පුර සිටින අතර, ගැහැණු, පිරිමි යන දෙපාර්ශයම සම සේ රෝගයට ගොදුරු වෙයි. මෙය සම්පුර්ණයෙන් සුව කල නොහැකි, දිගු කාලින, ක්‍රමයෙන් වර්දනය වන රෝගයක් වෙයි.

ඇත්තටම මොකද්ද සොරයසිස් වලට හේතුව?
මෙයට හරියටම හේතුව දන්නේ නැති වුවත්, මේ සදහා අපගේ ජානවල බලපෑමක් සහ අවට පාරිසරික බලපෑම් ඇති බවට සිතිය හැක. මන්දයත් එකම පවුලක සාමාජිකයන් අතර මෙය දකින්න ලැබෙන නිසයි. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙහි ප්‍රධාන තැනක් ගනියි. වසර 3o ක පරීක්ෂණ හමුවේ සොරයසිස් වලට හේතුව තවමත් අභිරහසකි.


සොරයිසිස් මොන වගේද?
එය රතු හෝ රෝස පැහැති, සාමාන්‍ය සමට වඩා සමෙන් උස් ස්ථාන ලෙස දක්නට ලැබෙයි. එය ශරීරයේ ඕනෑම තැනක දක්නට ලැබුනත් බොහෝ විට නිතර නිතර ගර්ෂණයට හා තුවාට වලට ලක්වන ස්ථාන වල දකිනු ලබයි. සොරයසිස් වර්ග කිහිපයකට බෙදනු ලබන අතර ඒ පිළිබද ඉදිරියේදී සාකච්චා කරයි.


Psoriasis Vulgaris
සොරයිසිස් රෝගයේ වර්ග කිහිපයක් දක්නට ලැබෙන අතර, 80% පමණ දක්නට ලැබෙන්නේ Psoriasis Vulgaris ලෙස හදුන්වන්නාවූ වර්ගයයි. මෙය වැලමිටේ, දණහිසේ, හිස්කබලේ දක්නට ලැබෙන රතු පැහැති, සමට වඩා ඝනකමින් වැඩි ස්ථාන ලෙස දිස්වෙයි. මෙම තැන් වලින් නිතර නිතර වැඩියෙන් සම ගැලවී යයි.


Guttate Psoriasis
Guttate Psoriasis ලෙස හදුන්වන්නේ, සමෙහි දක්නට ලැබෙන කුඩා බිදිති හැඩයෙන් යුත් රතු පැහැති, සම නිතර නිතර ගැලවීමකට ලක්වන ස්ථාන වෙයි. මෙය streptococcal නම් බැක්ටීරියා ආසාදනයකින් සති 3-4 කට පසුව බොහෝ විට දක්නට ලැබෙයි.


Inverse Psoriasis
Inverse Psoriasis ලෙස හදුන්වන්නේ, නිතර වාතයට නිරාවරණය නොවන්නාවූ ස්ථාන වල දක්නට ලැබෙන සොරයසිස් වර්ගයටයි. ලිංගාශ්‍රිත සමහි, තට්ටම්හි, පියයුරු වලට පහලින් සමහි සහ උදරයේ තෙල් තට්ටු නිසා නැමී ඇති සමහි රතු පැහැති ස්ථාන ලෙස දක්නට ලැබෙයි.


කලාතුරකින් දක්නට ලැබෙන සොරයසිස් වර්ග
Pustular Psoriasis and Erythrodermic Psoriasis


Psoriasis of the Scalp
මෙහිදී වියලි, සමට වඩා ගනකමින් වැඩි පොතු ලෙස ගැලවෙන කොටස් හිස්කබලහි දක්නට ලැබෙයි.


Psoriatic Arthritis
මෙහිදී සොරයිසිස් සහ ආතරයිටිස් යන රෝග දෙකම දක්නට ලැබෙන අවස්ථාවකි. මෙයට හේතුව අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් යම් හේතුවක් නිසා තමන්ගේම සෛල වලට විරුද්ධව කටයුතු කිරීමයි.


නියපොතු වල සොරයිසිස් රෝග තත්වය හටගත හැකිද?
ඔව්. සොරයිසිස් රෝගය ඔබගේ නියපොතුවල පමණක් හටගත හැකියි. මෙය ප්‍රතිකාර කිරීමට තරමක් අපහසු රෝගී තත්වයකි.


සොරයිසිස් සුවකළ හැකිද?
ප්‍රතිකාර වලින් සම්පුර්ණයෙන් සුවකරන්න බැහැ. නමුත් සමේ ඇතිවන තත්වයට ස්ටීරොයිඩ් අඩංගු ක්‍රීම් මගින් එය පැතිරීම හා වැඩිවීම වළක්වා ගන්න පුළුවන්. එසේම වෙනත් වර්ග වල ක්‍රීම් මගිනුත් පාලනය කරන්න පුළුවන්. එසේම මෙම රෝගය සමහර කාලවලදී දක්නට නොලැබෙන අතර පසුව නැවතත් හටගනියි.


සොරයසිස් බෝවන රෝගී තත්වයක්ද?
නැහැ. සොරයසිස් රෝගියකුගේ සම ස්පර්ශ කිරීම මගින් කිසිසේත් මෙය බෝවන්නේ නැහැ.


සොරයසිස් වැළදීමට ජාන වල බලපෑමක් තියෙනවද?
ඔව්. ඔබගේ පවුලේ අනිත් අයට තිබෙනවා නම් ඔබටත් වැළදීමට සම්භාවිතාවයක් ඇත.

සොරයිසිස් වලට ප්‍රතිකාර කරන්නේ කුමන වර්ගයේ වෛද්‍යවරුන්ද?
සමේ රෝග පිළිබද (Dermatologists) වෛද්‍යවරු මෙම රෝගය සදහා ප්‍රතිකාර කරන අතර, ආතරයිටිස් රෝගයත් ඇත්නම් හන්දි රෝග පිළිබද (Rheumatologists) වෛද්‍ය වරුද ප්‍රතිකාර කරයි.


End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk /.com / .org

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk