hand-foot-mouth-disease

මෙය වෛරස් ආසාදනයක් වන අතර බොහෝ විට කටෙහි ඇතිවන තුවාල හෝ බිබිළි ලෙස දක්නට ලැබෙයි. ඊට අමතරව මෙම බිබිළි අතේ, කකුලේ යටිපතුල් ආශ්‍රිතව හෝ තට්ටම් වල දක්නට ලැබෙයි. මෙය බොහෝවිට කොක්සකි වෛරසය (Coxsackievirus) මගින් ඇතිකරන අතර එසේම එන්ටරෝවෛරසය (Enterovirus) මගින්ද මෙම රෝගය ඇති කල හැකියි.

බොහෝවිට දරුවන් අතර දක්නට ලැබෙන මෙම ආසාදනයේ රෝග ලක්ෂණ වන්නේ

  • උණ
  • උගුරේ කැක්කුම
  • අතේ, යටිපතුලේ සහ උගුරේ රතු බිබිළි
  • ඇගපත කැක්කුම
  • ආහාර අරුචිය වෙයි.

බොහෝවිට උණ මුලින්ම දක්නට ලැබෙන අතර ඉන් දිනකට හෝ දෙකකට පසු උගුරේ අමාරුව දක්නට ලැබෙයි. ඉන් දිනකට දෙකකට පසුව අතේ සහ යටි පතුලේ බිබිළි දක්නට ඇති වෙයි.

අවුරුදු 10ට අඩු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන මෙම රෝගය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ කැස්ස සහ කිවිසුම් යන විට බිදිති වලින්, කෙල බිදිති, බිබිළි වල ශ්‍රාවයන් සහ අසුචි මගිනි. එම නිසා දරුවන් පෙර පාසල් යෑමත් සමග මෙම රෝගය දක්නට ලැබෙන අතර වයසින් වැඩි වන විට ශරීරයේ ප්‍රතිශක්තිකරණය මගින් මෙම වෛරස් ආසාදනයට එරෙහිව සටන් කරයි. එම නිසා වයස 10 ට වඩා වැඩි දරුවන් අතර එතරම් දක්නට ලැබෙන්නේ නැහැ.

සංකුලතා

  • මෙම රෝගයත් සමග දරුවන් ආහාර සහ වතුර පානය කිරීම අඩු කරන නිසා විජලනයට පත් වීම දක්නට ලැබෙයි. එමනිසා නිතරම දරුවට වතුර ලබා දීම කල යුතුයි. එකවර බොහෝ වතුර ප්‍රමාණයක් වෙනුවට පොඩි ප්‍රමාණයක් දිගටම දෙන්න.
  • ඉතාම කලාතුරකින් මෙම වෛරස් ආසාදනය මොළයට පැතිරිය හැකි අතර එය මෙහි දක්නට ලැබෙන භයානක අවස්ථාවකි.

වලක්වා ගන්නේ කොහොමද?

  1. නිතර අත් සේදීමට දරුවාට කියා දෙන්න
  2. නිතර පිරිසිදුව ඉන්න සෞඛ්‍ය පුරුදු කියා දෙන්න (උදා: අත්, පෑන් පැන්සල් කටේ නොදැමීම)
  3. ඔබගේ දරුවාට උණ ඇත්නම් පාසැල් හෝ පෙර පාසැල් යවන්න එපා.

තේරුණේ නැති දෙයක් තියෙනවද?

අපෙන් අහන්න. මෙතන click කරන්න

daruwanta asanipa daruwa leda prathikara ugure amaruwa

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk