රෝග වලක්වාගැනීමට දැනට තිබෙන හොදම ක්‍රමය වන්නේ එන්නත් කිරීමයි. එයට හොදම උදාහරණය වන්නේ වසුරිය රෝගයයි. මේ වන විට වසුරිය රෝගය සම්පුර්ණයෙන්ම ලොවෙන් තුරන් කර ඇත. එසේම ශ්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමට ආසන්නව පවතී. ශ්‍රි ලංකාවේ වෛරස විද්‍යාත්මකව සනාථ කරනු ලැබූ අවසන් පෝලියෝ රෝගියා වාර්තා වී ඇත්තේ වර්ෂ 1993 දීය.

එන්නත් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට බෙදන අතර ඒවා නම්

සජීවී-එන්නත්
අක්‍රීය එන්නත්
සංයුක්ත එන්නත්
ටොක්සොයිඩ් එන්නත් වෙයි.

සජීවී-එන්නත් මගින් ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද?
සජීවී එන්නතක අඩංගු වන්නේ අඩපණ කරන ලද වෛරස් වන අතර එය ශරීරයට ලබාදුන් විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතිය මගින් එම අඩපණ කරන ලද වෛරසයට විරුද්දව ප්‍රතිදේහ නිපදවා එම වෛරසය විනාශ කර දමයි. නැවත එම වෛරසය ශරීරයට ඇතුළු වන විට මුලින් නිපදවූ ප්‍රතිදේහ ඉක්මණින්ම නිපදවීමටත් එමගින් වෛරසය ඉක්මනින් ශරීරයෙන් අයින් කිරීමටත් හැකියි. මෙය ඉතා සාර්ථක ක්‍රමයකි.

දැනට රෝගවලට එරෙහිව නිපදවා ඇති සජීවී එන්නත් වන්නේ

සරම්ප
කම්මුල්ගාය
රුබෙල්ලා
රොටා වෛරස් අසාදනය
වසුරිය
පැපොල
කහ උණ වෙයි

අක්‍රීය එන්නත්
මෙහිදී රෝගකාරක වෛරසයේ සම්පුර්ණයෙන් අක්‍රිය කරණ වෛරසය මගින් මෙම එන්නත් නිපදවයි. මෙයින් ලබා දෙන ප්‍රතිශක්තිකරණය සජීවී එන්නතකින් ලබා දෙන ප්‍රතිශක්තිය තරම්ම නොවෙයි. දැනට රෝගවලට එරෙහිව නිපදවා ඇති අක්‍රීය එන්නත් වන්නේ

හෙපටයිටිස් A
පෝලියෝ (මෙහි සජීවී සහ අක්‍රිය එන්නත් දෙකක් නිපදවා ඇත)
ජලභීතිකා රෝගය (Rabies)
සංයුක්ත එන්නත්
මෙහිදී රෝගකරකයේ කොටසක් පමණක් පාවිච්චි කර එන්නත නිපදවයි.

දැනට රෝගවලට එරෙහිව නිපදවා ඇති සංයුක්ත එන්නත් වන්නේ

හිබ් රෝගය
හෙපටයිටිස් B
HPV (හියුමන් පැපිලෝමා වයිරස්)
කක්කල් කැස්ස
නියුමොකොකල් රෝගය
මෙනින්ගොකොකල් රෝගය
ෂින්ගල්ස්

ටොක්සොයිඩ් එන්නත්
මෙහිදී රෝගකාරකය විසින් නිපදවන විෂ වලට එරෙහිව සටන් කිරීමට එන්නත නිපදවයි. දැනට රෝගවලට එරෙහිව නිපදවා ඇති ටොක්සොයිඩ් එන්නත් වන්නේ

ඩිප්තිරියා
පිටගැස්ම

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන

1978 දී ස්ථාපනය කර ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පසුගිය දශක කිහිපය මුළුල්ලේ දිගින් දිගටම විශිෂ්ඨ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර එහිදී වඩාත් කැපී පෙනෙන්නේ ඉහළ අගයකින් යුතු ප්‍රතිශක්තිකරණ ආවරණය සහ රෝග පාලනය වේ.

ශ්‍රී ලංකාවේ දැනට ලබා දෙන එන්නත් හා ඒවා ලබා දෙන වයස

මාස 2 – පෝලියෝ, DPT, හෙපටයිටිස් B, හිබ්
මාස 4 – පෝලියෝ, DPT, හෙපටයිටිස් B, හිබ්
මාස 6 – පෝලියෝ, DPT, හෙපටයිටිස් B, හිබ්

මාස 9 – සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා
මාස 12 (අවුරුදු 1) – මොලේ උණ
මාස 18 (අවුරුදු 1 1/2) – පෝලියෝ, DPT
අවුරුදු 3 – සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා
අවුරුදු 5 – පෝලියෝ, DT
අවුරුදු 10 – හියුමන් පැපිලෝමා වයිරස්
අවුරුදු 11 – පිටගැස්ම, ඩිප්තිරියා
අවුරුදු 15- සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා

මිට අමතරව ගර්භණී කාන්තාවන් සදහා
පළමු දරුවා නම් සති 12න පසු පිටගැස්ම එන්නත් 2ක් ලබා දෙයි.

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk