නවීන විද්‍යාවෙන් සොයාගෙන ඇත්තේ ආතතිය එහෙමත් නැත්නම් stress මගින් රෝගී තත්වයන් බොහොමයකට අතවනන බවත්, නැත්නම් රෝගී තත්වයන් වැඩි කරන බවත්ය.

Stress එකෙන් වැඩි වෙන්න පුළුවන් රෝගී තත්වයන් මොනවද? අපි දැන් ඒ ගැන බලමු.

  1. හදවත් රෝග

ස්ට්‍රෙස් නිසා හෘද ස්පන්දන වේගය හා රුධිර වාහිනී වල රුධිරය ගලායෑම වැඩි කරයි. එමගින් රුධිරයට කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ නිකුත් කිරීමක් වෙයි. එමනිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ ඔබ දිගු කාලින හදවත් රෝගියෙකු නම් හදිසි මානසික ආතතියක් ඇති වන දේවල් වලක්වා ගන්න ලෙසයි. මන්දයත් එමගින් භයානක හදවත් රෝග එනම්, හෘදයාබාධ ඇතිවිය හැකි නිසයි.

  1. හතිය (Asthma)

අධ්‍යන වලින් තහවුරු වී ඇත්තේ stress නිසා හතිය වැඩි වන බවයි. එසේම දෙමව්පියන් සැමවිටම stress නම් ඔවුන්ගේ දරුවන්ට හතිය ඇතිවීමට ඇති සම්භාවිතාවය වැඩි බවත් සොයාගෙන ඇත.

  1. ස්ථුලතාවය

මේදය ශරීරයේ අනිත් ස්ථාන වල තැන්පත් වනවාට වඩා බඩේ තැන්පත්වීම රෝග වලට වැඩි අවධානමක් ඇති කරයි. stress නිසා බඩේ මේදය තැන්පත්විය හැකි බව සමහර අධ්‍යන වලින් පෙනී යයි. එයට හේතුව stress නිසා කෝටිසෝල් හෝමෝනය වැඩි වීමෙන් බඩේ මේදය වැඩි විය හැකියි.

  1. දියවැඩියාව

stress නිසා ශරීරයේ ග්ලුකෝස් මට්ටම කෙලින්ම වැඩි කරන නිසා රුධිරයේ සීනි මට්ටම වැඩි කරයි.

  1. හිසරදය

stress මගින් කෙලින්ම හිසරදය වැදීමට හේතුවන අතර ඉරුවාරදයද වැඩි කරයි.

  1. මානසික අවපීඩනය සහ කාංසාව

දිගුකාලීන stress නිසා මානසික අවපීඩනය සහ කාංසාව වැඩි කරයි. stress එක වැඩි රැකියා කරන අයට අනිත් අයට වඩා 80% කින් මානසික අවපීඩනය කෙටි කාලයක් තුල වැඩිවන බව එක් වාර්තාවකින් පෙන්වයි.

  1. ආහාර මාර්ග පද්දතිය ආශ්‍රිත ගැටළු

ඇත්ත stress නිසා ආහාර මාර්ග පද්දතියේ තුවාල ඇති නොවුනත් දැනටමත් තියෙන තුවාල වැඩි කරන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම බඩේ දැවිල්ල ඇති කරන්නත් හේතුවක් වෙන්න පුළුවන්.

  1. ඇල්සයිමර් රෝගය

සත්වයන් පාවිච්චි කර කල එක් අධ්‍යනයකින් පැහැදිලිවුනේ ඇල්සයිමර් රෝගය වැඩිවීමට stress හේතු වන බවයි. (මන්ද එමගින් මොලයේ තත්වයන් වෙනස් වන නිසා)

  1. වයසට යාම වේගවත්විම

ඔබ වයසට යන ආකාරය සහ stress අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. මානසික ආතතිය අවුරුදු 9 සිට 17 දක්වා වයස්ගතවීම වේගවත් කල හැකි බව පර්යේෂකයන් පවසනවා.

  1. ඉක්මනින් මරණයට පත්වීම්

සමහර අධ්‍යන වලින් පෙනී යන්නේ දිගටම මානසික ආතතියෙන් සිටින අය අනිත් අයට වඩා ඉක්මනින් ස්වභාවික හේතු වලින් මරණයට පත්වන බවයි.

ඇත්තටම stress නැත්නම් මානසික ආතතිය අපිට වලක්වා ගන්න පුළුවන් දෙයක්. ඒ සදහා කැපකිරීම් කර වලක්වා ගැනීමෙන් ප්‍රයෝජන තිබෙනවා!

තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න.

© dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk