සමෙහි ඇතිවන දද කියන්නේ මොකද්ද? කොච්චර බෙහෙත් කලත් තාම ඒවගේමද? දද වලට හේතුව දැනගන්න.

අපේ Slideshow එක බලන්න.

Eczema (සමෙහි ඇතිවන දද)
සමෙහි ඇතිවන දදයන් එහෙමත් නැත්නම් එක්සිමා ලෙස හදුන්වද්දී, සමහි රතු, කසන, වියලි සහ සමහර විට ඉරිතැලුණු ස්වභාවයක් දක්නට ඇත. මේවා මුහුණේ, අත් පා වල වැඩිපුර දක්නට ඇත. මේවා කෙනෙකුගෙන් කෙනෙක්ට බෝ නොවෙයි.

එක්සිමා හැදෙන්නේ කාටද?
ඕනෑම වයස් සීමාවක කෙනෙකුට සැදිය හැකි අතර බොහෝවිට දක්නට ලැබෙන්නේ වයස අවු.5 ට අඩු කුඩා දරුවන්ටයි. මෙය ටික කලකින් සම්පුර්ණයෙන් නැතිවන අතර, සමහර අයට විටින් විට මෙය නැවත ඇතිවෙයි. කාන්තාවන්ට වැඩි ප්‍රවනතාවයක් ඇත.

එක්සිමා වලට හේතුව මොකද්ද?
ඒක හරියටම දන්නේ නැහැ. නමුත් අපගේ සමේත්, ප්‍රතිශක්තිකරණ පද්දතියේත් සහ ජාන වල වෙනස් වීමක් නිසා යයි සිතනවා. එසේම සමට ස්පර්ෂවන දේවල් නිසාත් (සබන්, විලවුන්, ඇදුම්, අභරණ), පාරිසරික වෙනස් වීම සහ මානසික පීඩනය වැනි දේවල් නිසාත් මෙම තත්වය වැඩිවිය හැක.


එක්සිමා වල රෝග ලක්ෂණ මොනවාද?
බොහෝ විට මෙය දක්නට ලැබෙන්නේ සමේ වියලි, රතුවූ, කසන ස්ථානයක් ලෙසයි. සමහරවිට මෙම ස්ථාන වලින් සුදු පැහැති දියර ගලයි. අදික ලෙස කැසීමේ ප්‍රතිපලයක් ලෙස වියලි, කොරපොතු සහිත ස්ථාන දකින්න පුළුවන්.


එක්සිමා එන්නේ මොනවගේ තැන්වලද?
ශරීරයේ ඕනෑම ස්ථානයක පැමිණිය හැකි වුවත්, බොහෝවිට මුහුණේ, බෙල්ලේ, වැලමිට, දණහිස, වැනි ස්ථාන වල දක්නට ඇත. සමහරවිට දින කිහිපයකින් අඩුවන අතර, ඉතා දිගු කාලයක් පුරාද තිබෙන අවස්ථා ඇත.

එක්සිමා වර්ග
බොහෝවිට දක්නට ලැබෙන එක්සිමා වර්ගය වන්නේ Atopic dermatitis ය. ඉදිරි රුපරාමු වලින් මේ ගැන දැනගමු.


Atopic Dermatitis
මෙය බහුලවම දක්නට ලැබෙන එක්සිමා වර්ගයයි. මෙයට හේතුවන හේතුකාරකය (උදා. allergens, දුවිලි, මල් රේණු, සබන්, සුවද විලවුන්, ආභරණ, සමහර ආහාර වර්ග) තිබීම නොතිබීම මත රෝගය තිබෙන කාලය නිර්ණය විය හැක. සමහරවිට ජානමය බලපෑමක් ඇත.


Contact Eczema
සම සමග ගැටෙන්නාවූ දේවලට අසාත්මිකතාවයක් ලෙස ඇතිවන්නාවූ එක්සිමාව මෙලෙස හදුන්වයි. මුලින් අසාත්මිකතා වැලදී ඇති අයට මෙය ඇතිවීමට ඉඩකඩ වැඩියි.

එක්සිමා රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
මේ සදහා රෝග ඉතිහාසය, රෝගයේ පැතිරීම වෛද්‍යවරයකු විසින් පරීක්ෂාකරනු ලබයි. මේ සදහා රුධිර පරීකෂා නොමැත. සමහර අවස්ථා වලදී සමෙන් කොටසක් ගෙන පරික්ෂා කරයි.


ප්‍රතිකාර
ප්‍රතිකාර ක්‍රමවල ප්‍රධාන අරමුණ වන්නේ කැසීම අඩුකිරීමත්, සමේ ප්‍රධාහය අඩුකිරීමත්, තවදුරටත් පැතිරීම වැලැක්වීමත්ය. මෙහිදී ජිවිත රටාවේ වෙනස්වීම් සහ බෙහෙත් යන දෙකම වැදගත් ස්ථානයක් ගනියි. මෙහිදී සම නිරෝගිමත්ව තබා ගැනිමට ක්‍රීම් සහ ආලේපන භාවිත කරයි. අනවශ්‍ය විදියට සම ජලයෙන් සේදීම මගහැරිය යුතුයි.

ප්‍රතිකාර - බෙහෙත්
  1. ස්ටිරොයිඩ් අඩංගු ආලේපන
  2. antihistamine
  3. ස්ටිරොයිඩ් අඩංගු පෙති (මෙය කෙටි කලකට පමණක් දෙනු ලබයි).


ප්‍රතිකාර - Immunomodulators and UV Therapy
මෙම නව ක්‍රමය සමේ ඇතිවන ප්‍රධාහය අඩුකිරීමට උපකාරී වෙයි.

එක්සිමා වලක්වා ගත හැකිද?
එක්සිමා සම්පුර්ණයෙන් සුවකල නොහැකි වුවත් රෝග ලක්ෂණ පාලනය කරගත හැක. එය කිරීමට ඔබගේ පැත්තෙන් සිදුවිය යුතු දෑ බොහෝයි.

 
එක්සිමා වලක්වා ගත හැකිද? #2
එක්සිමා යනු සුව කල නොහැකි රෝගයක්මුත් එය ස්වාභාවිකවම සමහර කාලවලදී නැතිවී යයි. සම නිරෝගිව තබා ගැනීම ඉතා වැදගත්. සුවකළ නොහැකි වුවත් ප්‍රතිකාර ක්‍රම මගින් රෝග පාලනයත්, ත්රිව්රතාවය අඩු කර ගැනීමටත් හැකියි.

End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk