osteoporosis

මුලින්ම බලමු ඔස්ටියෝපොරෝසිස් කියන්නේ මොකද්දකියලා. එය අපේ ශරීරයේ අස්ථි බිදී යාමේ අවදානම වැඩිවීමයි. එම අවදානම කොච්චර වැඩිද කියනවා නම් සුළු වැටීමකදී හෝ අස්ථි බිදී යා හැකියි. බොහෝවිට මෙලෙස බිදී යන්නේ උකුල් ඇටය, මැණික් කටුව හෝ කොදුඇට පේළියයි. සාමාන්යෙන් අපේ ශරීරයේ සෑම අවයවයක්ම දිනපතා අලුත් වැඩියා වෙයි. එහිදී පරණ සෛල විනාශ වී අලුත් ඒවා වලින් එම හිඩැස පුරවයි. ඔස්ටියෝපොරෝසිස් වලදී මෙලෙස සදෙන අලුත් සෛල අඩු වෙයි. එමනිසා අස්ථි වල ශක්තිය අඩු වෙයි.

මෙම තත්වය ගැහැණු පිරිමි යන හැමෝටම එක හා සමානව පැවතියත්, කාන්තාවන්ට ආර්තවභවනයෙන් පසු ඇතිවීමේ හැකියාව වැඩි වෙයි.

ඔබට ඔස්ටියෝපොරෝසිස්ද කියා අනුමාන කරන රෝග ලක්ෂණ මොනවාද?

බාහිර හේතුවක් නැතිව කොදුඇට වල බිදීම්
කාලයත් සමග උස අඩුවීම
කුදු වීම
ඉතා සුළු හේතුවකටත් අස්ථි බිදීම
ඔස්ටියෝපොරෝසිස් සදහා අවදානම වැඩිවන සාධක

මෙම සමහරක් සාධක අපට වෙනස් කල නොහැකියි. උදාහරණයකට වයසට යනවිට, කාන්තාවන්ට සහ කුඩා ප්‍රමාණයේ ශරීරයක් තිබීම අවදානම වැඩි කරයි.

තවත් සාධක

ටෙස්ටොස්ටෙරෝන් සහ ඊස්ට්‍රජන් හෝමෝන අඩු වීම
තයිරොක්සීන් හෝමෝනය වැඩි වීම
කැල්සියම් අඩුවෙන් ආහාරයට ගැනීම
දිගුකාලීනව ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂද ගැනීම
ඒ වගේම අක්‍රියශීලි ජිවන රටාවක් තිබෙන අයටත් මෙම අවදානම වැඩි වෙයි.
ඔස්ටියෝපොරෝසිස් නිසා ඇතිවන සංකුලතා

මෙහි දක්නට ලැබෙන ප්‍රධානතම සංකුලතාවය අස්ථි බිදීමයි. එයිනුත් උකුල් ඇටයේ සහ කොදු ඇට පේලියේ බිදීම් ප්‍රධාන තැනක් ගනියි.

උකුල් ඇටයේ බිදීම් නිසා ඇවිදීමේ අපහසුතා ඇතිවිය හැකි අතර සමහරවිට දිගටම ඇදට වීමද ප්‍රථිපලය විය හැකියි. එසේම කොදුඇට පේළියේ බිදීම් නිසාද ඉහත ගැළලු ඇතිවිය හැකි අතර වැටීමකින් තොරව වුවත් බිදීම් සිදුවිය හැකියි.

රුපයේ දක්වා ඇත්තේ ඉබේම අස්ථි බිදුණු අවස්ථාවකි.

වලක්වා ගන්නේ කොහොමද?

පෝෂ්‍යදායි ආහාර වේලක් සහ නිතිපතා කරන වියායාම මගින් ඔබගේ අස්ථි නිරෝගීව තබාගන්න.

වියායාම මගින් ඔබගේ අස්ථි නිරෝගීව තබාගන්න.

ප්‍රෝටීන
ප්‍රෝටීන අස්ථි සදහා අතවශ්‍ය සාධකයකි. එමනිසා ප්‍රෝටීන බහුල ආහාර ලබා ගැනීම සුදුසුයි.

උසට සරිලන බරක් පවත්වා ගැනීම
BMI අගය අඩුවීම ඔස්ටියෝපොරෝසිස් වලට අවදානමක් ඇති කරයි.

කැල්සියම්
කැල්සියම් අස්ථි වර්දනයට අත්‍යවශ්‍ය නිසා ඔබගේ ආහාරයට කැල්සියම් එකතු කරගන්න. ඒ සදහා කුඩා ප්‍රමාණයේ මාළු (එවිට කටු සමගම ආහාරයට ගන්න නිසා කැල්සියම් ශරීරයට ලැබෙයි), කොළ පැහැති එළවලු සහ සෝයා අඩංගු ආහාර උදව් වෙයි.

විටමින් D
විටමින් D මගින් කැල්සියම් ශරීරයට අවශෝෂණය වැඩි කරයි. හිරු එලියට නිරාවරණය වීම මගින් අපගේ සමට විටමින් D නිපදවීමට හැකි නිසා, ශ්‍රී ලංකාව වැනි සමකට ආසන්නයේ රටවල පුද්ගලයන්ට එමගින් යම් ප්‍රමාණයක් ලැබෙයි. එසේම අපගේ ආහාරයෙන් ද එය ලබා ගත හැකියි.

තේරුනේ නැති මොනවා හරි තියෙනවද? අපෙන් අහන්න.

Dosthara.lk

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk