කොරෝනා වෛරස් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යද්දී, ඒ ගැන තියෙන බයත් වැඩි වෙන්න පුලුවන් . ඒ නිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට අපි කරන දේවල් වැඩි වෙනවා. ඒක හොඳ දෙයක් වුනත් එතනදී අපි මතක තියා ගන්න ඕනා අපි කලයුතු අත්‍යවශ්‍ය දේවල් අමතක නොකරන්න.

දැන් අපි බලමු ෂොපින් යනකොට ග්ලව්ස් දාන එක අත්‍යවශ්‍ය දෙයක්ද කියල. එකට දෙන්න පුළුවන් කෙටිම පිලිතුර අත්‍යාවශ්‍ය නැහැ.

ඇයි එහෙම කියන්නේ?

ග්ලව්ස් දැමීමෙන් අපි කරන්නේ අපේ අත් ආරක්ෂා කරගැනීමක්, නමුත් කොරෝනා වෛරස් එක ස්වසන පද්දතිය හරහා අපේ ශරීරයට ඇතුළුවන වෛරස් එකක්. ඒ කියන්නේ අපේ අත්වල ග්ලව්ස් තිබුනේ නැතත් එම වෛරසයට අපේ අතේ හම හරහා ශරීරයට ඇතුළු වෙන්න බැහැ.
අපි ග්ලව්ස් දාලා හිටියත්, ග්ලව්ස් වල එම වෛරසය තැවරුණු පසු , නාසය හෝ මුඛය ඇල්ලුවොත් එය අපේ ස්වසන පද්දතියට ඇතුළු වෙන්න පුළුවන්.

එහෙනම් ඇයි ගොඩක් අය ග්ලව්ස් දාන්නේ?
ඒකට හේතුව ග්ලව්ස් දාලා ඉද්දි අපි අපේ අතින් මුහුණ අල්ලන්න හදන්නේ නැහැ. ග්ලව්ස් අපිට මතක් කරනවා අත් වලින් මුහුණ අල්ලන්න හොද නැහැ කියල. ඒ වගේම ෂොපින් යද්දී එතන තියෙන දේවල් බොහෝ දෙනෙක් අල්ලන නිසා එම භාණ්ඩ නැවත අපි ඇල්ලීමෙන් වෛරසය අපේ ශරීරයට ආසාදනය වීම වලක්වා ගන්නත් පුළුවන්.

ඇත්තටම වඩා වැදගත් වෙන්නේ සමාජ දුරස්තභාවයයි. අපි යන සහ ඉන්න හැමතැනකම අනිත් කෙනා සමග අඩි 6ක දුරක් පවත්වා ගන්න. පුළුවන් හැම විටම නිවසටම වී ඉන්න. නිවසේ එක් කෙනෙක් පමනක් ෂොපින් යන්න. මෙය වලක්වා ගන්න පුළුවන් අපි එක් එක් කෙනාට විතරයි.

තව දැනගන්න දෙයක් තියෙනවද? අපෙන් අහන්න.

Dosthara.com/ Dosthara.lk

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk