Cervical Cancer නැත්නම් ගැබ් ගෙලේ පිලිකා කියන්නේ මොකද්ද? හදුනාගන්නේ කොහොමද? වළක්වාගන්න නම් ඔයා මොකද කරන්න ඕනේ.
පහත slideshow එක බලන්න.

Cervical Cancer ගැබ් ගෙලේ පිලිකා
ගැබ්ගෙල ලෙස හදුන්වන්නේ ගර්භාශයේ පහල කෙළවරයි. මෙම පිලිකා මුල් කාලයේම හදුනා ගතහොත් සම්පුර්ණයෙන්ම සුව කල හැක.

ගැබ් ගෙලේ පිලිකා - රෝග ලක්ෂණ මොනවද?
මුල් අවස්ථාවාදී රෝග ලක්ෂණ නැති තරම්ය. නමුත් පිළිකාව වර්දනය වීමත් සමග

- අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ශ්‍රාවයන් පිටවීම
- ඔසප් චක්‍රය අතරතුර යෝනි මාර්ගයෙන් ලේ ගැලීම
- අර්තභවනයෙන් පසුවත් ලේ පිටවීම
- ලිංගිකව එකතුවිමදී අදික වේදනාව හෝ ලේ පිටවීම දැකිය හැකියි.

ගැබ් ගෙලේ පිලිකා - හේතුව මොකද්ද?
බහුලව දක්නට ලැබෙන හේතුව වන්නේ HPV (human papillomavirus) වෛරස් ආසාදනයයි. මෙම වෛරසය ගැබ්ගෙල අශ්‍රිතව දිගු කාලීනව ආසාදනය වීම නිසා එහි සෛල අසාමාන්‍ය තත්වයකට පත්කරන අතර අවසානයේ පිලිකවත් තත්වයට වර්දනය වෙයි. ලොවවටා 90% කටත් වඩා ගැබ්ගෙලේ පිලිකා වලට හේතුව මෙම වෛරසයයි.

HPV ආසාදනයේ ලක්ෂණ මොනවද?
HPV වෛරස් වර්ග බොහොමයක් ඇති අතර රෝග ලක්ෂණ නොමැති තරම්ය. සාමාන්‍යයෙන් මෙම වෛරස් ශරීරයෙන් නිකම්ම ඉවත් වී යයි. සමහර වර්ග නිසා ඉන්නං ඇති වෙයි. නමුත් මෙම වර්ගයෙන් පිලිකා ඇතිකරන්නේ නැහැ. භායානක HPV වෛරස කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සිටිය හැක.

HPV වැළදීමට අවදානමක් ඇත්තේ කාටද?
HPV සුලභව දක්නට ලැබෙන ආසාදනයක් වන අතර ලිංගික ක්‍රියාකාරකම් වලින් වැළදිය හැකියි

HPV වලින් පිලිකා හැදෙන්නේ කොහොමද?
මෙම වෛරසය ආසාදනයවූ විට ගැබ්ගෙලේ අසාමාන්‍ය සෛල වර්දනයක් වන අතර මෙය precancerous වෙනස් වීමක් ලෙස හදුන්වයි. කාලයත් සමග මෙම අසාමාන්‍ය සෛල පිලිකා සෛල බවට පත්විය හැක. පසුව එය අවට අවයව වලටද ව්‍යප්තවෙයි.

අවදානම වැඩි කරන තවත් දේවල් මොනවද?
- දුම්පානය
- දරුවන් වැඩි ගණනක් සිටීම
- HIV හෝ ප්‍රතිශක්තිකරණ පද්දතිය දුර්වල වී තිබීම

මුල් කාලයේම හදුනාගන්න - පැප් පරික්ෂාව (Pap smear test)
පැප් පරික්ෂාව ගැබ්ගෙලේ පිලිකා හදුනා ගැනීම සදහා ඉතා සාර්ථක පරීක්ෂණයක් වන අතර එමගින් පිළිකාව ඇතිවීමට කලින් ඇති අසාමාන්‍ය සෛල හදුනාගත හැකියි. වයස අවු.30 ට වැඩි නම් අවු.3 කට වරක්වත් මෙම පරික්ෂාව කල යුතුයි.

මුල් කාලයේම හදුනාගන්න - HPV DNA Test
මෙම රුධිර පරික්ෂාව මගින් පිලිකා ඇතිකළ හැකි HPV වෛරස ඇත්දැයි සොයාබැලිය හැක.

ගැබ්ගෙලේ පිලිකා තහවුරු කරගන්නේ කොහොමද?
මෙහිදී ගැබ්ගෙලෙන් කොටසක් ගෙන අන්වීක්ෂයක් තුලින් සෛල පරික්ෂා කරනු ලබයි. මෙය Cervical Biopsy ලෙස හදුන්වයි. Biopsy වාර්තාවක් මගින් පිළිකාමය තත්වයක් ඇත්ද නැද්ද යන්න වග තහවුරු කරගත හැකියි.

ගැබ්ගෙලේ පිලිකා අවස්ථාවන් (Stages of Cervical Cancer)
මෙය Stage 0 සිට Stage IV දක්වා වර්ග කරයි. Stage 0 ලෙස හදුන්වන්නේ පිලිකා සෛල ගබ්ගෙලට පමණක් සිමාවී ඇති අවස්ථාවයි. Stage IV වන විට පිලිකා සෛල මුත්‍රාශය, ගුද මාර්ගය සහ ශරීරයේ වෙනත් ස්ථාන වලට පැතිරී ඇති අවස්ථාවයි.

ප්‍රතිකාර - 1. ශල්‍යකර්ම
පිළිකාව Stage II වලට වඩා අඩු තත්වයක නම බොහෝවිට ශල්‍යකර්මයක් මගින් පිළිකාව ඉවත් කරයි. මෙහිදී ගර්භාෂය, ඩිම්බකෝෂ හා ඒ අවට වසා ගැටිතිද ඉවත් කරනු ලබයි.

ප්‍රතිකාර - 2. Radiation
Radiation ප්‍රතිකාරයේදී අධි ශක්ති X-rays යොදා ගෙන පිලිකා සෛල විනාශ කරයි. එසේම ශල්‍යකර්මයෙන් පසු ඉතිරිවන පිලිකා සෛල විනාශ කිරීමටත් මෙය යොදා ගනියි.
Side effects : සුදු රුධිරානු අඩු වීම, මහන්සි ගතිය, බඩේ කැක්කුම, වමනයට ඒම, වමනය, පාචනය.

ප්‍රතිකාර - 3. Chemotherapy
මෙහිදී පිලිකා සෛල විනාශ කිරීමට අවශ්‍ය ඖෂධ රුධිරයට ලබා දෙයි. පිළිකාව ශරීරයේ අනිත් කොටස් වලටත් පැතිරී ඇතිවිට මෙම ප්‍රතිකාරය කරනු ලබයි.
Side effects : මහන්සි ගතිය, බඩේ කැක්කුම, වමනයට ඒම, වමනය, කොණ්ඩය ගැලවී යෑම, ආහාර අරුචිය.

පිලිකා ප්‍රතිකාර සමග පොරබැදීම
ආහාර අරුචිය, සහ තෙහෙට්ටු ගතිය නිසා ඔබ ආහාර අනුභව නොකර සිටීමට හැක. නමුත් මතක තබාගන්න අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක් නොලැබුනොත් තවත් දුර්වල වන බව. කුඩා ප්‍රමාණ වලින් ව්‍යයමත් ප්‍රයෝජනවත් වෙයි. මේ ගැන ඔබේ වෛද්‍යවරයා සමග කථාකරන්න.

ප්‍රතිශක්තිකරණ එන්නත්
පිලිකා ඇතිකරන්නාවූ HPV වෛරස වලට එරෙහිව එන්නත් නිපදව ඇති අතර මෙමගින් HPV ආසාදන වලක්වා ගතහැක.

එන්නත ලබා ගත යුත්තේ කවුද?
මෙම එන්නත HPV වෛරස් ආසාදනය වළක්වනවා මිසක්, එයට ප්‍රතිකාරයක් නොවේ, එමනිසා පුද්ගලයෙක් ලිංගිකව ක්‍රියාකාරි වීමට පෙර ලබා දිය යුතුයි. වයස අවු. 11-12 ත් අතර කාලය අනුමත කරයි.