ක්‍ෂය රෝගය කියන්නේ Mycobacterium tuberculosis කියන බැක්ටීරියාවෙන් ඇතිවන රෝගයක්. මෙම බැක්ටීරියාව බොහෝවිට ආසාදනයට ලක්වන්නේ පෙනහළු වලට වන අතර සමහර අවස්ථාවන්වලදී ශරීරයේ අනෙකුත් අවයව වලටත් බලපායි.
ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ ක්‍ෂය රෝගය වැලදී ඇතත් එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතියෙන් සගවා ඇති අතර සැමවිටම ජනගහනයෙන් මිලියන 10කට රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මෙයින් අදහස් කරන්නේ ක්‍ෂය රෝගය වැළදෙන හැමෝටම රෝග ලක්ෂණ ඇති නොවන බවයි.

ක්‍ෂය රෝගයේ ලක්ෂණ

  1. සති 3කට වඩා පවතින කැස්ස
  2. ශරීරයේ බර අඩුවීම
  3. කෑම රුචිය අඩුවීම
  4. කැස්ස සමග ලේ පිටවීම
  5. උණ
  6. රාත්‍රියට අධික ලෙස දහඩිය පිටවීම

ක්‍ෂය රෝගය වැළදීමට වැඩි අවදානමක් ඇත්තේ

  1. ක්‍ෂය රෝගය වැළදුන නිවසේ සාමාජිකයෙකු සිටි විට
  2. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්, ඒඩ්ස් රෝගය වැළදුණු අය සහ සිරගෙවල් වල සිටින අයට
  3. කුඩා දරුවන්
  4. පිළිකා රෝගීන්
  5. ප්‍රතිශක්තිකරණය අඩු කරන ඕනෑම ප්‍රතිකාරයක් ලබන අය

රෝගය හදුනාගන්නේ කොහොමද?
ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔබගේ වෛද්‍යවරයා පරීක්ෂණ කිහිපයක් එනම්, රුධිර පරීක්ෂණ (FBC සහ ESR) සහ පපුවේ X-ray පරීක්ෂණ කිරීමට ඔබව යොමු කරයි. එම පරීක්ෂණ වලට අනුව වෛද්‍යවරයා ඔබව රෝහලකට යොමු කරයි. රෝහලේදී සෙම පටල පරික්ෂාව සහ සමෙහි පරීක්ෂාවක් කර මෙම රෝගය තහවුරු කරයි.

ප්‍රතිකාර
මෙම රෝගය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකියි. එයට අවශ්‍ය වන්නේ උපදෙස් පරිදි ඖෂධ ලබා ගැනීම පමණයි. මෙහිදී ඖෂධ ලබා කාලය මාස 6 සිට 12 දක්වා වී දිව යයි.

ශ්‍රී ලංකාව තුල ක්‍ෂය රෝගීන් 17,000 පමණ ඇති අතර සෑම වසරකම අලුත් රෝගීන් 11,000ක් පමණ හමුවයි.

එමනිසා ඔබට රෝගලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

Dosthara.Com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk