පෙනහළු පිළිකා ගැන ඔබ දන්නේ මොනවාද? ඒවා ඇත්තද? ඒ ගැන දැනගන්න අපේ slideshow එක බලන්න.

මිත්‍යාව: ඔබ දැනටමත් අවුරුදු ගණනාවක් දුම්පානය කල අයෙක් නම්, හානිය සිදුවී අවසානයි.

සත්‍ය: නැහැ, ඔබ කවදාකවත් දුම්පානය නතර කිරීමට පරක්කු නැහැ. දුම්පානය නතර කිරීමෙන් අත්වන ක්ෂණික ප්‍රයෝජන නම්, පෙනහළුවල ක්‍රියාකාරිත්වය දියුණු වීමත්, රුධිර සංසරණය වැඩිවිමත්ය. කාලයත් සමග පෙනහළු පිලිකා ඇතිවීමේ අවදානම අඩු වෙයි. ඔබ දුම්පානය නතර කර අවු. 10 කට පසු, පෙනහළු පිලිකා ඇතිවීමේ අවදානම 50% කින් අඩු වෙයි.

මිත්‍යාව: ප්‍රමාණයෙන් කුඩා දුම්වැටි සාමාන්‍ය ප්‍රමාණයේ ඒවාට වඩා හොදයි.

සත්‍ය: නැහැ, එහෙම කිසිම වෙනසක් නැහැ. එම දෙවර්ගයම එකවගේ භයානකයි.


මිත්‍යාව: මර්ජුවානා (marijuana) දුම්වැටි මහින් පෙනහළු පිලිකා ඇති නොවේ.

සත්‍ය: මර්ජුවානා දුම්පනයත් පෙනහළු පිලිකා සදහා අවදානම වැඩි කරයි. මන්ද එහි සාමාන්‍ය දුම්වැටියකට වඩා පිලිකා කාරක ද්‍රව්‍ය ඇති බැවිනි.


මිත්‍යාව: දුම්පානය කරන්නෙක් Antioxidant ඖෂධ ගැනීමෙන් පිලිකා අවදානම අඩු වෙයි.

සත්‍ය: ස්වභාවිකව පලතුරු වල සහ එළවලු වල Antioxidant අඩංගු වෙයි. නමුත් Antioxidant ඖෂධ ගැනීමෙන් පිලිකා අවදානමහි වෙනසක් සිදු නොවනබව නව පරීක්ෂණ පෙන්නුම් කරයි.


මිත්‍යාව: Pipes and Cigars දුම්පානය ආරක්ෂිතයි.

සත්‍ය: Pipes and Cigars දුම්පානය පෙනහළු පිලිකා අවදානම පමණක් නොව මුඛයේ සහ අන්නසොත්‍රයේ පිලිකා අවදානමද වැඩි වෙයි. Cigar දුම්පානය සාමාන්‍ය දුම්වැටියකට වඩා භයානකයි.


මිත්‍යාව: Talcum කුඩු පිලිකා ඇති කරයි.

සත්‍ය: නැහැ, එහෙම දෙයක් නැහැ. නමුත් asbestos සහ vinyl chloride වලට නිරාවරණය වීමෙන් පිලිකා අවදානම වැඩිවිය හැක.


මිත්‍යාව: දැනටමත් පෙනහළු පිළිකාවත් ඇති බව දැනගතහොත් දුම්පානය නතර කර වැඩක් නැහැ.

සත්‍ය: දිගටම දුම්පානය කිරීමෙන් පිළිකාවට දෙන ඖෂධ වල ක්‍රියාකාරිත්වය අඩු වන අතර side effects වැඩි වෙයි.


මිත්‍යාව: ව්‍යායාම කිරීමත් පෙනහළු පිළිකාත් අතර කිසිදු සම්බන්දයක් නොමැත.

සත්‍ය: නැහැ, එහෙම දෙයක් නැහැ. අධ්‍යන පෙන්නුම් කරන්නේ දිගටම ව්‍යායාම කිරීම මගින් පෙනහළු පිලිකා අවදානම 20% කින් අඩු වන බවයි. එසේම ව්‍යායාම කිරීම පෙනහළු වල ක්‍රියාකාරීත්වයද වැඩි කරයි (improves lung function)


මිත්‍යාව: පෙනහළු පිලිකා වලට ප්‍රධාන හේතුව පරිසර දුෂණයයි.

සත්‍ය: නැහැ, පෙනහළු පිලිකා වලට ප්‍රධානතම හේතුව දුම්පානයයි. ඔව්!! ඒ ඔබ පානය කරන දුම්වැටියයි.


End Of Slideshow
තේරුණේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk / Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk