ඕටිසම් කියල කියන්නේ දරුවන්ගේ ස්නායු වර්ධනයේ ආබාධයක් වන අතර එය මුලිකවම සමාජ කුසලතා සහ කථා කිරීමේ අභියෝග එක්ක දකින්න ලැබෙන රෝගී තත්වයකි.
මෙහිදී දරුවෙක් එක් දෙයකට වැඩි අවධානයක් ලබා දීම, තමා අවට සිදුවන දේ නොසලකා හැරීම, දෙමව්පියන් දරුවාට කතා කරන විට එහි ස්වරය හදුනාගැනීමට නොහැකි වීම (උස් හඩින් හෝ ආදරයෙන්), එක් ඉරියව්වක් නැවත නැවත කිරීම, තමාටම හානි කරගැනීම (දිගටම හිස බිත්තියේ ගහ ගැනීම) වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් මෙම ලක්ෂණ එකක් තිබු පමණින් මෙම රෝගය නිර්ණය නොකරන අතර, ඉහත ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රමාණය දරුවාගෙන් දරුවාට වෙනස් වෙයි.
මීට අමතරව දරුවෙක් කථා කිරීමට ප්‍රමාද වීම, අනිත් දරුවන් සමග එකතුවී සෙල්ලම් කිරීමේ අපහසුතා, මුහුණ බලා කථා නොකිරීම, සංවේදනයක් නොමැතිවීම දක්නට ලැබෙයි.

ඇයි මෙහෙම වෙන්නේ?
ඕටිසම් වලට හරියටම හේතුව දන්නේ නැති වුනත් එයට ජානමය හේතු සහ දරුවා හැදෙන වටපිටාව බලපාන බව සොයාගෙන තිබෙනවා.

තවත් රෝග ලක්ෂණ

  • අසාමාන්‍ය ශරීර ඉරියව් හෝ මුහුණේ ඉරියව්
  • කටහඩෙහි ඇති අසාමාන්‍යතා
  • දෘෂ්ටි සම්බන්දයක් නොමැති වීම
  • අසාමාන්‍ය චර්යා රටා
  • දෙමව්පියන්ගේ භාෂාව අවබෝධ කරගැනීමේ අපහසුතා සහ කථා කිරීමේ අපහසුතා
  • සංවේදනය නොමැතිවීම
  • සමාජීය දේ අවබෝධ කර නොගැනීම
  • ඉගෙනගැනීමේ අපහසුතා
  • අනිත් දරුවන් සමග සෙල්ලම් කිරීමේ අපහසුතා
  • නිදා ගැනීමේ වෙනස්කම්

” මෙම රෝග ලක්ෂණ වයස අවු. 2 දී පමණ දකින්න පටන් ගනියි. ඉන්පසු එම ලක්ෂණ වැඩි වන අතර රෝග නිශ්චය කිරීමට තව වසර කිහිපයක් ගත විය හැක. ගැහැණු දරුවන්ට වඩා 4 ගුණයක් වැඩියෙන් පිරිමි දරුවන්ට මෙම රෝගය දක්නට ඇත “

ප්‍රතිකාර තිබෙනවද?
ඔව්. නමුත් එය බෙහෙත් පෙත්තකින්ම කරන දෙයක් නොවන අතර දරුවාට සමාජ සම්බන්දකම් පවත්වන ආකාරය සහ දරුවාගේ රෝග ලක්ෂණය පාළනය කරන ආකාරය පිළිබද දරුවට සහ දෙමව්පියන්ට උදව් කරයි.

ඔබගේ දරුවාට මෙම ලක්ෂණ ඇත්නම් ඔබ කල යුත්තේ කුමක්ද?

ඔබගේ පවුලේ වෛද්‍යවරයාට හෝ මානසික රෝග පිළිබද විශේෂ වෛද්‍යවරයකුට (Psychiatrist) පෙන්වන්න.

තේරුණේ නැති දෙයක් තියෙනවද? අපෙන් අහන්න.

Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk