අර්ශස් කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒක හදුනාගන්නේ සහ දැනට තිබෙන ප්‍රතිකාර ගැන පින්තුර වලින් දැනගන්න.

පහත Slideshow එක බලන්න.

අර්ශස් (hemorrhoid) කියන්නේ මොකද්ද?
අර්ශස් යනු ගුද මාර්ගයේ අවසාන කොටසේ රුධිර වාහිනී වල ඇති වන්නාවූ තත්වයකි. මෙම රුධිර වාහිනී වල බිත්ති සිනිදු වීමත් ඇදීමත් නිසා සමහරවිට රුධිරය වහනයවිමක් සිදුවිය හැක. අර්ශස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනු ලබයි. internal සහ external.

ගුද මාර්ගය ඇතුලත ඇති අර්ශස් (Internal hemorrhoids)
මෙම අර්ශස් පිටතින් දැකිය නොහැකි අතර එසේ වීමට නම් විශාල ඒවා විය යුතුයි. මෙය සාමාන්යෙන් කැක්කුමක් නැති අතර, මලපහ කරන විට ලේ පිටවීම දක්නට ලැබෙයි. සමහරවිට මෙම අර්ශස් විශාල වී ගුද මාර්ගයෙන් පිටතට පැමිණිය හැකි අතර, එවිට කැක්කුම ඇතිවිය හැක.


ගුද මාර්ගයෙන් පිටත ඇති අර්ශස් (External hemorrhoids)
මෙම අර්ශස් ගුදය වටා ඇති සමෙහි දක්නට ඇත. මෙය ඉදිමීමත් සමගම ගෙඩියක් ලෙස දැකිය හැකි අතර, කැසීම, රුධිරය වහනය වීම දක්නට ලැබෙයි.

හැමෝටම අර්ශස්
අර්ශස් රෝගයක් ලෙස බොහෝ දෙනා සිතුවත්, ඇත්තටම එය හැමෝටම තිබෙනවා. මෙය රෝගී තත්වයක් ලෙස සලකන්නේ, මෙම රුධිර වාහිනී ඉදිමි ප්‍රශ්න ඇති කරන විටයි. මෙවැනි දෙයක් ජනගහනයෙන් 4% කට පමණ විය හැකියි. වයස අවු.45 - 65 ත් අතර බහුලයි.


අර්ශස් වලට හේතුව මොකද්ද?
අර්ශස් වලට හේතුව හරියටම දන්නේ නැති වුනත්, උදර කුහරයේ පීඩනය වැඩිවීමට හේතු වන දේවල් එනම්, ස්ථුලතාව, ගර්භනිවීම, මලපහ කරනවිට තැටබිම, දීර්ග කාලින කැස්ස වැනි දේවල් නිසා අර්ශස් ඇතිවිය හැකියි.


අර්ශස් සහ අපේ ආහාර
ආහාර නිසා, අර්ශස් වැඩිවීමට හෝ අඩු වීමට මගපැදිය හැක. වැඩියෙන් කෙදි සහිත ආහාර ගන්නන් අතර අර්ශස් අඩු අතර, පිසූ ආහාර අනුභව කරන්නන් සහ ජලය අඩුවෙන් පානය කරන්නන් අතර අර්ශස් වැඩිපුර දැකිය හැක.


රෝග ලක්ෂණ මොනවාද?
බොහෝවිට දක්නට ලැබෙන්නේ කැක්කුමක් නොමැතිව ගුද මාර්ගයෙන් ලේ පිටවීමයි. නමුත් කාලයත් සමග කැක්කුම, ගෙඩියක් වැනි දෙයක් පිටතට පැමිණීම, කැසීම දක්නට ලැබෙයි.

අර්ශස් වල විවිද අවදීන් (Stages of Hemorrhoids)
මෙහි අවදීන් 4ක් විස්තර කරයි. First-degree, Second-degree, Third-degree, Fourth-degree hemorrhoids. First-degree ලෙස හදුන්වන්නේ රුධිරය වහනය වන නමුත් ගෙඩියක් ලෙස පිටතට නොපෙනෙන එවයි. Fourth-degree ලෙස හදුන්වන්නේ ගෙඩියක් ලෙස පිටතට පැමිණ නැවත ගුද මාර්ගය තුලට ඇතුල් කිරීමට නොහැකි එවයි.


රෝග විනිශ්ෂය කරන්නේ කොහොමද?
බොහෝ අවස්ථා වලදී අර්ශස් තිබෙන බවට දැනගන්නේ, ගුදය අස්ශ්‍රිතව ගෙඩියක් තිබීමෙන්, ගුදයෙන් ලේ පිටවීම, වැනි රෝග ලක්ෂණ නිසයි. එවිට වෛද්‍යවරයා විසින් පරික්ෂා කරබලා රෝග විනිශ්ෂයට පැමිණෙයි. මෙහිදී මෙම රෝග ලක්ෂණ තිබෙන වෙනත් රෝග තිබිය හැකිදැයි වෛද්‍යවරයා විසින් සොයා බලයි.


ප්‍රතිකාර මොනවාද?
මේ සදහා විවිද ප්‍රතිකාර ක්‍රම තිබෙයි. එනම්,
  • ආහාර ගැන සැලකිලිමත්වීම
  • විවිද ක්‍රීම්, ජෙල් වර්ග ආලේපනය
  • සැත්කම්.


ප්‍රතිකාර - ආහාර ගැන සැලකිලිමත්වීම
කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් මලපහ තද ගතියක් නොමැතිව පහ වන අතර එමනිසා අර්ශස් වැළකීමට උපකාරී වෙයි. කෙදි සහිත ආහාර වන්නේ, පලතුරු, ධාන්‍ය, එළවලුයි. එසේම ජලය වැඩිපුර පානය කිරීමත් උපකාරී වෙයි.

ප්‍රතිකාර - විවිද ක්‍රීම් හා ජෙල් වර්ග
ඖෂධ සල් වලින් ලබාගත හැකි විවිද ක්‍රීම් සහ ජෙල් වර්ග අලේපනය.


ප්‍රතිකාර - Sitz Baths
මද රස්නය සහිත ලුණු මිශ්‍ර ජලයෙහි විනාඩි 15ක් 20ක් පමණ ඉදගෙන සිටීම මෙලෙස හදුන්වයි. ජලය ලීටර 1කට ලුණු හැදී 2-3ක් පමණ එක කරන්න. දිනකට 2-3 වරක් කිරීම මගින් අර්ශස් වැඩි වීම වලක්වා ගත හැකියි.


ප්‍රතිකාර - මලපහ මෘදු කරන දේවල්
මලපහ තද ගතියෙන් තිබීම අර්ශස් වැඩි කරන අතර, එම නිසා මලපහ මෘදු කරන බෙහෙත් අර්ශස් අඩු කිරීමට උදවු වෙයි.

ප්‍රතිකාර - ස්කෙරෝතෙරපි (Sclerotherapy)
මෙහිදී අර්ශස් ඇති ස්ථානයට එන්නතක් දෙනු ලබයි, එමගින් එය වියලි යයි. සමහරවිට අවුරුදු ගණනාවකින් පසු නැවත ඇතිවිය හැක.


ප්‍රතිකාර - Rubber Band Ligation
මෙදිහි අර්ශස් ඇති ස්ථානයට රබර් බෑන්ඩ් එකක් දැමීම මගින් එය සිරකර ඉබේම නැතිවී යාමට සලස්වයි. මෙම ක්‍රමය First-degree, Second-degree, Third-degree අර්ශස් සදහා යොදා ගත හැකියි.


ප්‍රතිකාර - Heat Coagulation
මෙහිදී තාපය යොදාගෙන අර්ශස් විනාශ කරනු ලබයි


ප්‍රතිකාර - සැත්කම්
මෙහිදී සැත්කමකින් අර්ශස් ඉවත් කරනු ලබයි. එය hemorrhoidectomy ලෙස හදුන්වයි.

වලක්වා ගන්නේ කොහොමද?
හොදම ක්‍රමය වන්නේ කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් සහ ජලය වැඩිපුර පානය කිරීමයි. එවිට ඔබේ මලපහ පහසුවෙන් පිටවෙයි. එය අර්ශස් වලක්වාගැනීමට හොදම ක්‍රමයයි.


End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com

 

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk