ඒඩ්ස් ඇතිවුණේ කොහොමද? මුල්ම රෝගීන්ගේ සිට මේ දක්වා පැතිරුනේ කොහොමද කියල දැනගන්න මේ slideshow එක බලන්න.

එදා මෙදා තුර AIDS වල ව්‍යාප්තිය
වර්ෂ 1981 සිට අද දක්වා ඒඩ්ස් නිසා මියගිය සංඛ්‍යාව මිලියන 30 කට අදිකයි. එය දෙවන ලෝක යුද්දයෙන් මැරුණු සංඛාවෙන් අඩකි. නමුත් එය තවම අවසන් නැත. දැනට ලොව පුරා HIV ආසාදිතයන් මිලියන 33 ක් පමණ ඇත. මෙම වෛරසය ආවේ කොහොමද? ව්‍යාප්තිය මොනවගේද? ඉදිරි රූපරාමු වලින් අපි දැනගමු.

වර්ෂ 1900 : චිම්පන්චියකුගෙන් මිනිසාට
වර්ෂ 1884 සිට 1924 කාලයේදී, West Central Africa වල Kinshasa නම් ප්‍රදේශයේ දඩයක් කරුවෙකු විසින් චිම්පන්චියෙක් මරා දැමුවා. මෙම චිම්පන්චියගේ රුධිරය තුවලක් මගින් ඔහුට රුධිර ගත වුනා, එම රුධිරයේ HIV වෛරසය අන්තර්ගත වී තිබුන. මෙය චිම්පන්චින්ට කිසිම රෝග ලක්ෂණයක් ඇති නොකරන අතර, මිනිසාට නම් එය මාරාන්තික වුනා.


වර්ෂ 1981 : ප්‍රථම ඒඩ්ස් රෝගියා හදුනා ගැනුනා
වර්ෂ 1981 ජුනි මාසයේ, Los Angeles නගරයේ සමලිංක පිරිමින් 4 දෙනෙකුට අසාමාන්‍ය ලෙස ඉතා භයානක නියුමෝනියා රෝගයක් ඇතිවුන, නමුත් එය සාමාන්‍ය ප්‍රතිශක්තිකරණයක් ඇති අයට නොවැලදෙන එකක්. පසුව ජුලි මාසයේ California වල තරුණ පිරිමින්ට අසාමාන්‍ය සමේ පිළිකාවක් (Kaposi sarcoma) ඇතිවුණා.

වර්ෂ 1982 දී
මෙම නව අසනීපය ඒඩ්ස් එහෙමත් නැත්නම් Acquired Immune Deficiency Syndrome ලෙස හැදින්වුවා. එසේම එය රුධිරයෙන් පැතිරෙන බවත් දැනගත්තා. sub-Saharan Africa වල මෙම කාලයේ ඒඩ්ස් හැදින්වුයේ slim disease ලෙසයි.


වර්ෂ 1983 දී
ගර්භනී කාලයේදී මවගෙන් දරුවට පැතිරෙන බව දැනගත්ත. මෙම කාලයේ ඒඩ්ස් පැතිරෙන ආකාරය පිළිබද බොරු කට කතා පැතිරෙමින් තිබුනා.


වර්ෂ 1983 දී
Drs. Montagnier (රුපයේ සිටියි) සහ Barre-Sinoussi, වසා ගැටිති වල ඒඩ්ස් ඇතිකරන වෛරසය හදුනා ගත්තා. ඔවුන් එය හදුන්වුයේ LAV ලෙසයි. පසුව වර්ෂ 1986 දී මෙම වෛරසය HIV එහෙමත් නැත්නම් Human Immunodeficiency Virus ලෙස හදුන්වුවා.

වර්ෂ 1985 දී
HIV තහවුරු කිරීමට රුධිර පරීක්ෂණයක් සොයා ගත්තා. එත් සමග ලොව පුරා ලේ බැංකු රුධිර දායකයන්ව HIV සදහා පරික්ෂා කරනු ලැබුවා.
ඒඩ්ස් සදහා ප්‍රථම ලෝක සමුළුව Atlanta වල පැවැත්වුවා. Lauren, Patrick Burk, සහ Dwight ඒඩ්ස් වල ඇති භයානකකම පෙන්වා දුන්නා.

වර්ෂ 1986 දී
දෙමවුපියන් තම දරුවන්ට ඒඩ්ස් පිලිබදව දැනුවත් කල යුතු බව පෙන්වා දුන්නා.


වර්ෂ 1987 දී
ඩයනා කුමරිය ඒඩ්ස් රෝගියකු සමග අතට අත දෙන අවස්ථාවක්.<br>ඒඩ්ස් බෝවන ක්‍රම ගැන තිබු මිත්‍යා ආකල්ප දුරුකිරීමට පියවර ගැනුනා.

වර්ෂ 1988 දී
ප්‍රථම ඒඩ්ස් දිනය (දෙසැම්බර් මාසයේ පළමු වෙනිදා) සමරුවා.

වර්ෂ 1991-1992 දක්වා
ඒඩ්ස් සදහා රතු රිබන් එක හදුන්ව දුන්නා.
මැජික් ජොන්සන් ඒඩ්ස් රෝගියකු බව ප්‍රකාශයට පත්කලා.
ඒඩ්ස් සදහා ප්‍රථම වරට ඉක්මනින් කල හැකි පරීක්ෂණයක් (rapid HIV test) හදුන්වා දුන්නා.


වර්ෂ 1996-1997 දක්වා
ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් : Dr. David Ho විසින් ඒඩ්ස් සදහා ලබාදෙන HAART එහෙමත් නැත්නම් highly active anti-retroviral therapy ක්‍රමය හදුවාදුන්නා. ඔහු පැවසු පරිදි මෙම වෛරසය මුළුමනින්ම විනාශකළ හැකි යැයි සදහන් කලත්, ඔහුට වැරදුනා, මන්ද ඒඩ්ස් වෛරසය අපගේ dormant cells වල හැංගිලා ඉන්න හැකියාව තිබුන නිසා. නමුත් මෙම ප්‍රතිකාරයෙන් AIDS නිසා වන මරණ 40%කින් අඩු වුණා.

වර්ෂ 1998-2000 දක්වා
HAART ප්‍රතිකාර ක්‍රමයේ සමහර භයානක අතුරු ආබාද හදුනා ගැනුනු අතර එය වඩාත් සුරක්ෂිත ප්‍රතිකාර ක්‍රම සදහා මග පැදුවා.

වර්ෂ 2001-2002 දක්වා
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් Kofi Annan මහතා ඒඩ්ස්, මැලේරියා සහ ක්ෂය රෝග සදහා ජාත්‍යන්තර අරමුදලක් පිහිටෙවුවා. නමුත් අදවන විටත් sub-Saharan Africa වල මිලියන 4.1 ක් වූ ඒඩ්ස් රෝගීන්ගෙන් ප්‍රතිකාර ලැබෙන්නේ 1% කට පමණයි.
වයස අවු.15-59 ත් අතර මරණය ප්‍රධාන හේතුව ඒඩ්ස් වුණා.

වර්ෂ 2006-2007 දක්වා
ප්‍රතිකාර ක්‍රම නිසා ඒඩ්ස් රෝගියකුගේ ජිවිත කාලය අවු.24කින් පමණ වැඩි කර ගැනීමට හැකිකම ලැබුනත් ඒ සදහා වියදම ඇමරිකානු ඩොලර් 618,900. ඒඩ්ස් සදහා නිපදවූ එන්නත් අසාර්ථක ප්‍රතිපල ගෙන දුන්නත් එය තවමත් නැවතී නැහැ. පරීක්ෂණ ඉදිරියටම කෙරීගෙන යයි.

වර්ෂ 2008
HIV වෛරසය සොයා ගනු ලැබූ Luc Montagnier සහ Francoise Barre-Sinoussi නොබෙල් ත්‍යාගය සදහා පිදුම් ලැබුවා.
ලොව පුරා සිටින මිලියන 33ක් වූ ඒඩ්ස් රෝගීන්ගෙන් ප්‍රතිකාර ලබන්නේ මිලියන 3ක් පමණයි. නමුත් ඉතිහාසයේ ප්‍රථම වරට ඒඩ්ස් නිසා සිදුවූ මරණවල සුළු අඩුවක් දකින්න තිබුණා.


වර්ෂ 2009-2010 දක්වා
එක්සත් ජනපදයේ සමීක්ෂණයකින් පෙන්නුම් කලේ, දැන් ඒඩ්ස් එතරම් ලොකු ගැටළුවක් ලෙස සැලකිය යුතු නොවන බව ජනයා විශ්වාස කරන බවයි. නමුත් ඔවුන් කොතරම් වැරදිද!! මෙච්චර ඉක්මනින් අමතක වෙලාද!!


හෙට දිනයට බලාපොරොත්තුවක්
පරීක්ෂකයන්, ඒඩ්ස් වෛරසයට විරුද්දව සටන්කළ හැකි ප්‍රතිදේහ දහස් ගණනක් නිපදවා ඇති අතර, එයින් එකක් එනම් PGT 128 පරීක්ෂණාගාර තත්ව යටතේ හොද ප්‍රතිපල ලබා දී ඇත.

End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com


By Admin

error: Content is protected by Dosthara.lk