dengue ward

ඩෙංගු උන කියන්නේ වෛරස් (Flavivirus ) ආසාදනයක් නිසා ඇතිවන රෝග තත්වයක් වන අතර මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට අසාදනය කිරීමට Aedes aegypti නම් මදුරුවා සහභාගි වෙයි.

මෙම වෛරසයේ serotypes 4 ක් ඇත. ඒවා DENV-1, DENV-2, DENV-3, DENV-4 ලෙස හදුන්වයි.

මෙම රෝගයේ මුල් අවස්ථාවහි වෙනත් වෛරස් උණක් හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර (classic dengue fever) පසුව ඉබේම රෝගය සුව වී යයි.

නමුත් ඩෙංගු රෝගය වැලදෙන්නන්ගෙන් සුළු ප්‍රමාණයක් dengue hemorrhagic fever කියන අවස්ථාවට පත් වන අතර මෙම අවස්ථාවෙහි රුධිර වාහිනී වලින් පිටතට රුධිරය හෝ ප්ලස්මාව කාන්දු වීමක් සිදු වෙයි. මෙසේ dengue hemorrhagic fever අවස්ථාවට පත්වන්නන්ගෙන් සුළු ප්‍රමාණයක් dengue shock syndrome කියන අවස්ථාවට පත් වන අතර එය මෙම රෝගයේ ඉතාම භයානක අවස්ථාවයි.

ඔබ දැනගත යුතු දේ

  1. දින දෙකකට වඩා උන, ඇගපත වේදනාව තිබේ නම් එක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  2. ඩෙංගු රෝගයට ප්‍රතිකාර නොමැති අතර කල හැක්කේ රෝගය පැතිර යාම වලක්වා ගැනීම පමණි. ඒ සදහා මදුරුවන් බෝවීම වැලක්වීමත්, මදුරුවන් ඔබට දෂ්ට කිරීම වැලක් වීමටත් පියවර ගත යුතුයි.

ඩෙංගු වෛරසය ගෙනයනු ලබන්නේ Aedes වර්ගයේ මදුරුවන් වන අතර Aedes aegypti එහි ප්‍රධාන තැනක් ගන්නා අතර, Aedes albopictus සහ වෙනත් Aedes වර්ගයේ මදුරුවන්ටද මෙම වෛරසය සම්ප්‍රේෂණය කල හැක.

ඩෙංගු මදුරුවා දහවල් කාලයේ දෂ්ට කරන මදුරුවෙක් වන අතර පිරිසිදු ජලය රදෙන්නාවූ ස්ථාන වල බෝවෙයි. ඔබගේ නිවාස අවට ජලය රැදෙන ස්ථාන විනාශ කිරීම හෝ ඒවා වසා දැමීම මගින් බෝවීම වලක්වා ගත හැකියි. ඔබගේ සුළු ක්‍රියාවක් ජිවිතක් බේරා ගන්න බව කවදාකවත් අමතක කරන්න එපා.

ඔබ අවට පිරිසිදුව තබා ගෙන ජිවිතයක් බේරගන්න!

Dosthara.lk/ Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk