ඔබට දැනටමත් දියවැඩියාව තියෙනවා නම් ඔබටත් මේ ප්‍රශ්න ඇති. සීනි රහිත ආහාරපාන, චයිනීස් ආහාර, පලතුරු, ව්‍යායාම මේ අසනීපයත් එක්ක සම්බන්ද කොහොමද? පරිස්සං වෙන්න ඕනේ මොනා වලින්ද? දියවැඩියා රෝගීන් හැමෝම දැනගෙන සිටියතු දේවල් ගැන දැනගන්න

පහත slideshow එක බලන්න.

Caffeine කොහොමද බලපාන්නේ?
රුධිරයේ සීනි මට්ටම වැඩිවීමට කෝපී පානය රුකුල් දෙයි. ඒ විතරක් නෙමේ black tea, green tea, සහ energy drinks මගින්ද සීනි මට්ටම වැඩි කරයි. නමුත් මෙම වැඩිවන සීනි මට්ටම පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන අතර එමනිසා තමන්ගේ සීනි මට්ටම වැඩි වන්නේ කුමකින්ද යන්න ගැන තමන් අවදානයෙන් සිටිය යුතුයි.

Sugar-Free Foods (සීනි රහිත ආහාරපාන ගැන මොකද හිතන්නේ?)
සමහර ආහාරපාන "සීනි රහිතයි" ලෙස සදහන් කර තිබුනද එහි ඇති starches, fat, සහ fiber මගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහල දමයි. එමනිසා එම අහර ගැනීමට පෙර පසුපස ඇති ලේබලයේ carbohydrates ප්‍රමාණයට අවදානය යොමු කරන්න.


Chinese Food (චයිනීස් ආහාර) ?
මේදය වැඩි ඕනෑම ආහාරයක් අනුභව කිරීම නිසා ඔබේ රුධිරයේ සීනි මට්ටම බොහෝ වෙලාවක් වැඩිවී තිබෙනු ඇත. Pizza, french fries සහ මේදය වැඩි ඕනෑම ආහාරයක් ඔබේ සීනි මට්ටම වැඩි කරයි. එය හරියටම දැනගන්න එම ආහාරයක් අනුභව කිරීමෙන් පසුව පැය 2 කට පසුව රුධිරයේ සීනි ප්‍රමාණය සොයා බලන්න.

ඔබ රෝගී වුවිට...
ඔබේ ශරීරය රෝගයට විරුද්ධව සටන් කරන අවස්ථාවේදී, රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ය හැකියි. එසේම වමනය සහ පාචනය දිගටම පවතී නම් ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එසේම සමහර ප්‍රතිජිවික නිසාද සීනි ප්‍රමාණය වැඩි විය හැක.

රැකියාවේ පීඩනය (Job Stress) බලපාන්නේ කොහොමද?
ඔබ පීඩනය ලක්වී සිටිනවිට ශරීරයෙන් නිපදවෙන සමහර හෝමෝන නිසා රුධිරයේ සීනි මට්ටම ඉහල යයි.


Dried Fruits
පලතුරු නිරෝගී දිවියකට උපකාරී වෙයි, නමුත් වියලි කරන ලද පලතුරු අමු පලතුරු වලට වඩා අදික සීනි ප්‍රමාණයක් අඩංගු වෙයි.


සමහර බෙහෙත්පෙති....
ඔව්, ස්ටිරොයිඩ් කාණ්ඩයට අයත් වන බෙහෙත් ශරීරයේ සීනි මට්ටම ඉහල දමයි.

උපත් පාලන පෙති
උපත් පාලන පෙති වලින් රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් කල හැකි වුනත්, එය දියවැඩියාව ඇති කාන්තාවන් සදහා භියකින් තොරව පාවිච්චි කල හැක.


නිවසේ වැඩකටයුතු වලදී....
නිවසේ සහ ඒ අවට සුද්ද පවිත්‍ර කිරීම ඔබගේ ශරීරයට ව්‍යායාම ලබා දෙයි. එය රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උදවු වෙයි. ඒ නිසා සැමවිටම යන්ත්‍ර සුත්‍ර වල උදවු පතන්න එපා.


යෝගට් (Yogurt)
Probiotic, එසේත් නැත්නම් ශරීරයට හිතකර ක්ෂුද්‍ර ජීවින් අඩංගු යෝගට් ආහාර ජීර්ණය පහසු කරන අතර එමගින් සීනි ප්‍රමාණය පාලනයටද උදවු වෙයි.

Vegan Diet
සම්පුර්ණයෙන්ම එළවලු සහ පලතුරු මත පදනම්වූ ආහාර අනුභවය සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වන බව එක් අධ්‍යනයක් මගින් පෙන්වා ඇත. ඔබත් ඔබේ ආහාර ක්‍රමයේ වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් පතන්න.

ව්‍යායාම
ව්‍යායාම නිරෝගී දිවියකට යතුරයි. නමුත් දියවැඩියා රෝගීන් අදික ලෙස ව්‍යායාම කිරීම හෝ අදික ලෙස මහන්සි වීම රුධිරයේ සීනි මට්ටම ඉහල දමයි.

Alcohol ගැන මොකද හිතන්නේ?
මද්‍යසාර වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වන අතර එමනිසා රුධිරයේ සීනි ප්‍රමාණය ඉහලයා හැකියි, නමුත් පැය 12 කට පමණ පසුව රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වීමට පටන් ගනියි. එමනිසා මද්‍යසාර පනයේදී ආහාර අනුභාවයත් මෙය වලක්වා ගැනීමට උපකාරී වෙයි.

දියවැඩියව ඇති ඔබට සීනි තහනම්ද?
ඔබත් සීනි සහිත ආහාර වලට වැඩි ආශාවක් දක්වන අයෙක්ද? දියවැඩියාව ඇති ඔබට සම්පුර්ණයෙන්ම සීනි සහිත ආහාර තහනම් නැති වුනත්, අය පාලනයක් ඇතුව සිදුවිය යුතු දෙයකි. Diabetes experts now say the total amount of carbohydrates is most important.


Glycemic Index
Glycemic Index යනු යම් ආහාරයක් මගින් රුධිරයේ සීනි මට්ටම ඉහල දමන වේගයයි. ප්‍රවීනයන් පවසන්නේ ඔබ glycemic index වැඩි ආහාරයක් අනුභව කරන්න අවශ්‍ය නම් නිතරම එය glycemic index අඩු ආහාරයක් සමග ගන්නා ලෙසයි.


End Of Slideshow
තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න
මෙතන click කරන්න.
Dosthara.lk/ Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk