ආර්තවහරණය යනු කුමක්ද?
ආර්තව චක්‍රය හා දරුවන් ලැබීමේ හැකියාව නිත්‍ය ලෙසම අවසන් වීම මෙලෙස හැදින්වේ. එය ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. මේ අවධිය කාන්තාවකගේ ඩිම්බ කෝෂයේ ක්‍රියාකාරිත්වය නැවතී ඩිම්බ පිටවීම නතර වන කාලයයි. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45-55 අතර කාලයේදීය. (මධ්‍යස්ථ වයස අවුරුදු 50)නමුත් මෙය මීට පෙර වුවද සිදුවිය හැකිය. පෙර ආර්තවහරණය ලෙස හැදින්වෙන්නේ ආර්තවහරණය‍ට ආසන්න කාල පරිච්ජේදයයි. මෙම කාල සීමාව කාන්තාව ආර්තවහරණයට අදාළ විවිධ අත්දැකීම් අරඹන කාලයයි.

ආර්තවහරණයහි ලක්ෂණ මොනවාද?
මෙහි ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔසප් වීම නතර වීමයි.
එසේම පහත ලක්ෂණද දැකිය හැකියි.

  1. ශරීරයෙන් අදික දහඩිය පිටවීම.
  2. ශරීරයේ නිතරම දැවෙනවා හා සමාන හැගීම.
  3. යෝනි මාර්ගයේ වියලි බව
  4. ලිංගික ක්‍රියාකාරකම් සදහා කැමැත්ත අඩු වීම
  5. රාත්‍රියට නින්ද නොයෑම.
  6. මතකය පිළිබද ගැටළු.

ආර්තවහරණයෙන් පසු සැළකිය යුතු කරුණු
වෛද්‍ය පරික්ෂණ
පැප් පරික්ෂණය
පියයුරු පරික්ෂා
ලිපිඩ මට්ටම
රුධිර ග්ලූකෝස් මට්ටම
රුධිර පීඩනය පරික්ෂා කරගැනීම
කායික පරික්ෂා හා ශ්‍රෝණි පරික්ෂා
තමා විසින් ම සිදු කරන පියයුරු පරික්ෂණය

අවධානය පිණිසයි!
ආර්තවහරණයෙන් පසුව යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් වේ නම් කොපමණ කුඩා ප්‍රමාණයක් වුව ද වහාම වෛද්‍යවරයෙකු හමුවීමට වගබලා ගන්න.එය වර්ධනය වන පිළිකාවක් පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විය හැකිය.

රෝගලක්ෂණ නොසලකා හරින්න එපා!

Dosthara.lk/ Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk