herpes_virus

හර්පිස් කියන්නේ herpes simplex virus (HSV) ලෙස හදුන්වන වෛරසය ශරීරගත වීමෙන් වැළදෙන රෝගයකි. හර්පිස් සිම්ප්ලෙක්ස් වෛරස් වර්ග දෙකක් ඇති අතර එය HSV1 (oral herpes) හා HSV2 (genital herpes) ලෙස හදුන්වයි.

මෙම වෛරසය (HSV2) බෝ වෙන්නේ පහත ක්‍රම වලිනි.

  1. අනාරක්ෂිත ලිංගික ඇසුරකින්
  2. මුඛ හෝ ගුද මාර්ග ප්‍රවේශයකින්.
    ( මෙම වෛරසය වැළදී ඇති කෙනෙක්ගේ වැසිකිලිය පාවිච්චි කිරීමෙන්, තුවායක් භාවිතයෙන් හෝ පෘෂ්ටයක් ඇල්ලීමෙන් තව කෙනෙකුට බෝ නොවෙයි.)

රෝග ලක්ෂණ
මෙම වෛරසය ඉහත ක්‍රම වලින් ශරීරගතවූ පසු දින 2ත් 12ත් අතර කාලයකදී සමහර පුද්ගලයන්ට රෝග ලක්ෂණ පහල වන අතර එහිදී

ලිංගික ප්‍රදේශ වල බිබිලි හෝ තුවාල
හමේ ඇතිවන රතු පැහැති ලප
උණ සහ මුත්‍රා කරන විට අධික කැක්කුම
දකින්න පුළුවන්. එසේම සමහර පුද්ගලයන්ට මෙම කිසිදු රෝග ලක්ෂණයක් දක්නට නොමැති නමුත් ඔහුන්ට රෝගය වලදී තිබිය හැක.

ප්‍රතිකාර
මෙම වෛරසය ශරීරයට ඇතුළු වූ පසු සම්පුර්ණයෙන් එය අයින් කිරීමට ප්‍රතිකාර නොමැති අතර මෙම වෛරසය නිසා ඇතිවන ඉහත රෝග ලක්ෂණ මැඩපැවැත්වීමට පමණක් ප්‍රතිකාර ඇත. එහිදී ඇතිවන කැක්කුම සහ බිබිලි සදහා ප්‍රතිකාර කර සුව වුනත් නැවත එම පුද්ගලයාටම එම රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. එසේම රෝග ලක්ෂණ නොමැති වුනත් වෙනත් කෙනෙකුට මෙම රෝගය පැතිරවිමටද හැකියි.

හර්පිස් හදුනාගන්න කරන පරීක්ෂණ මොනවාද?

PCR for Herpes – බිබිලි වලින් හෝ ලිංගික ප්‍රදේශයෙන් ගන්න ශ්‍රාවයන් වලින් මෙම පරීක්ෂණය කරයි.
HSV antibodies – ලේ පරීක්ෂණයක් මගින් රෝගය හදුනාගනියි. වෛරසය ඇතුළු වූ මුල් අවස්ථාවේම මෙම පරීක්ෂණය කල නොහැක.
වලක්වා ගන්නේ කොහොමද?

අනාරක්ෂිතව ලිංගිකව එකට ඉන්න එපා!
ලිංගික සහකරුවන් සීමා කරන්න.

තේරුනේ නැති දෙයක් තියෙනවද? අපෙන් අහන්න

© Dosthara.com / © Dosthara.lk

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk